RSS

Sunday, December 26, 2010

කාබයිට් ගැසීමේ කතාන්දරය

අපි වෙලඳපලට ගිහින් ඉදුනු පලතුරු ටිකක් මිලදී ගැනීමේදී ඇතිවෙන ප්‍රදාන ගැටලුවක් තමයි ඒවා ඉදවලා තියන්නෙ 'කාබයිට්' ගහලද භාවිතා කරලද කියන එක.මොකක්ද මේ කාබයිට් ගහනවා කියන්නෙ? ඒවා පවිච්චියට සුදුසුද නැද්ද? පොඩ්ඩක් බලමු.

ඇත්තටම කාබයිට් භාවිතා කරන්නෙ 'එතිලීන්' කියන, පලතුරු ඉදීම උත්තේජනය කරන්න හොමෝනය නිපදවීමටයි.කැල්සියම කාබයිට් වලට ජලය එකතු කලාම එතිලීන් වායුව නිපදවෙනවා. එතිලීන් වායුව හරියට පාවිච්චි කරනවා නම් අපිට ඔය කියන තරම් බය වෙන්න දෙයක් ඇත්තෙ නෑ.ඒත් තියන ප්‍රශ්නය තමයි අපේ ගොඩක් වෙලෙන්දො නොදැනුවත් කම නිසා ජලය යොදලා වායුව නිපදවීම වෙනුවට ජල බඳුනකට කැල්සියම් කාබයිට් දියකරලා ඒකට පලතුරු ගිල්වලා ගැනීම.

මේ නිසා අපට අතිවන ප්‍රධාන රොගාබාධ තමයි හිසරදය, සහ ආසනික් කියන බැර ලෝහයත් පොස්පරස් කියන මූලද්‍රව්‍යයත් නිසා ඇතිවන ස්නායු දුබලතාවය.කාබයිට් යෙදූ පලතුරක් අඳුනා ගන්නට ඔබටත් පුලුවනි. මෙන්න මේ කාරනා තියනවානම් ඒක බොහෝ විට කාබයිට් භාවිත කරල ඉදවපු පලතුරක්.

පලතුර වටේ ඉදිලා වගේ පෙනිලා ඇතුලත බොහොම තදයි නම් - මොකද කෘතිමව ඉදවනකොට පලතුරු ඉදෙන්නෙ පිටත ඉඳලා ඇතුලතට.
අසාමන්‍ය දීප්තිමත් කහ පැහැයක් ගන්නව නම්
පලතුරේ නටුව තදින් නරක් වෙලා තියනවා නම්
පලතුරු සුවඳ බලනවිට පුරුදු සුවඳ වෙනුවට සැර ආග්‍රාණයක් එනවානම්
පලතුරේ සමහර තැන් තද කොළ පාටට තියෙද්දි අනෙක් තැන් තද කහ පැහැයට තියෙනවානම
කෙසෙල් වගේ දෙයක් නම් මුලු කැනම එකම විදියට කහපාට වෙලානම් - ඒත් සැක කරන්න පුලුවන්.

ඉතින් මේ උත්සව කාලේ පොඩ්ඩ්ක් බලලා ස්වභාවිකවම ඉදුනු පලතුරු ටිකක් ගන්න පොඩ්ඩ්ක් විමසිලිමත් වෙමු.