RSS

Sunday, May 9, 2010

ගිනි ගණන් වලට විකුණන වතුර



මේ අදවස් වල දිගින් දිගටම වහින නිසා සමහර අයට නම් වතුර එපා වෙලා ඇති. ඒත් බොන්න වතුර පොදක් නැතුව මේ ලෝකෙ මැරෙන මිනිස්සු කී දාහක් නම් ඉන්නවද? මේ කියන්න  හදන්නෙත් විදියට මිනිස්සු මැරෙද්දිත් වතුර විකුණාගෙන ලෝකයේ ජල ඒකාධිකාරය පවත්වාගෙන යන එක ගැනයි. ප්‍රතිශතයක් විදියට ගත්තොත්  ලෝක ජනතාවගෙන් සියයට 6ත් 7ත් අතර පිරිසක් මුදලට වතුර ගන්නවා. දැනට ලෝකයේ වතුර වෙලඳාමේ අණසක තියන්නේ සමාගම් 10ක් අතේ. අතර ප්‍රංශ සමාගම් 4ක්, බ්රිතාන් සමාගම් 5ක්,ජර්මන් සමාගම් 1ක් හා එක් ඇමරිකන් සමාගමක් ඉන්න්වා. පහතින් තියනෙ සමාගම් ලැයිස්තුව.
ප්‍රශ සමාගම්
        I.            SUEZ  Lyonnise
      II.            Vivendi environment
    III.            Bouyques SAUR
බ්‍රිතාන්‍ය සමාගම්
        I.            Servent tarent
      II.            Anqlican water kkleda group
    III.            United utilities
ජර්මන් සමාගම්
        I.            RWE thames water
ඇමරිකන් සමාගම්
         i.            American world water world company

මෙතැන තියන ගැටලුව මුදලට ජලය දීම පමණක්ම නෙවෙයි. ස්වභාවික සම්පතක් වන ජලයේ අයිතිය සෑම මිනිසෙකුටම තිබෙන්න ඕන. සුවහසක් මිනිසුන් වතුර පොදක් නැතුව මියැදෙද්දි බහු ජාතික සමාගම් කරන්නෙ ඔවුනට අයිති වතුර ටිකත් සූරාගෙන විකුනන එකයි.
විදියට විකුණන වතුර වල වටිනාකම වසරකට .ඩො.බිලියන 400ක්. අප්‍රිකා මහාද්වීපයේ මේ තත්වය ඉතා දරුණුවට ඇතත්, බහුජාතික සමාගම වල අතකොලු බවට පත්වූ නිවට පාලකයන් එය විසඳීමට කිසිම පියවරක අරගෙන නැහැ.
ලොකයේ තත්වය ඒකයි, ලංකාවෙත් වතුර විකුණන්න 2001දී ගෙන ආව යොජනාවක් ජනතාවගේ දැඩි විරෝධය මැද්දෙ හකුලා ගන්නට එවකට තිබුණ රජයට සිදු වුණා.
නමුත් තත්වය සම්පූර්ණයෙන්ම යටපත්වෙලා නැහැ. අපේ රටේ ඇති අතිමහත් වූ ජල සම්පත උදුරා ගැනීමට කැස කවන බහු ජාතික සමාගම් මෙන්ම රජයේ කොමිස් කාක්කන්ද ඔනෑ තරම් ඉන්න්වා. ඒක හින්දා අවදානම සම්පූර්නයෙන්ම බැහැර වෙලා නැහැ. විමසිල්ලෙන ඉන්න. හෙට ඔවුන්  ඔබට තිබෙන ජල අයිතියත් විකුණන්න පුලුවන්.
ඒ වගේම මේ ගැන  අන්තර්ජාලය හරහා තොරතුරු ඕනෑ  තරම් හොයාගන්නත් ඔබට පුලුවන්.