RSS

Thursday, September 30, 2010

කටවුට්

මේක ලියන්න හිතාන හිටියෙ මීට සති තුනකට විතර කලින්. නොයෙක් වැඩ නිසා පකක්කු උනත්, දැන් හරි ලියන එක වටිනවා කියල හිතුන නිසයි ලීවේ.
මම බදුල්ලෙ ආවෙ පසුගිය 5වෙනිදා, කැම්පස් එකේ නිවාඩුව ඉවරව වෙලා. ඒ එනකොට දකින්න තිබුනෙ කලින් දැක්කට වඩා වෙනස් නගරයක්.
මා ඒමට දින කීපයකට කලින් ජනාධිපති තුමා බදුල්ල නගරයේ සංචාරය කරලා තිබුණා.ඉතින්, රෝහල අසල ඉතාවිශාල තොරණක් නිර්මාණය කරලා තිබුණා, ජනාධිපති තුමාව පිලිගන්න.ඒ විතරක් නෙවෙයි, බස් නැවතුම්පල, පළාත්සභාව, වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගනය අසල ආදී වශයෙන් නොයෙක් තැන්වල මහා විශාල තොරණ නිර්මාණය කරල තිබුණා. ඒ විතරක් නම් මදැයි, හොඳම දේ තමයි නගරය් වැහෙන තරම් ගහපු කටවුට්.
මේ හැම එකකින්ම කියලා තිබුණෙ 'ජනාධිපතිතුමාව සාදරයෙන් පිලිගනිමු' කියලා. එහෙම නැති නම් අපි මේ දේවල් කලා කියලා එක එක්කෙනා ගහපු පංපෝරිය.
පිලිගන්න්වා ලියලා ඔච්චර කටවුට් ගහන්න ඕනෙද? එක්කෙනෙක් මදිවට එක එක දේශපාලඥයා වෙන වෙනම පිලිගන්නවා. තමන්ට ලකුණු දාගන්න වෙන්න ඇති. කරපුවා පෙන්නන්න ඔච්චරම ඕනෙනම් ප්‍රගති සමාල්ලොචනය දවසෙදි ඒක හොඳටම පෙන්වන්න තිබුණා.
ඒත් මේකෙ අනිත් පැත්ත ගැන කල්පනා කලොත්, තොරණ ගහන්න වගේම කටවුට් ගහන්නත් මා දන්නා තරමින් ලක්ෂ 10 කට වැඩි මුදලක් වැය කරලා තිබුණා. තවත් දෙයක්, ජනාධිපති තුමා සංචාරය කරන වීදි වල දෙපස විදුලි හා දුරකථන කණු වල දේශපාලඥයන්ගේ රුව සහිත විශාල පුවරුත් එල්ල තිබුණා.
මට පුංචි දෙයක් අහන්න හිතුණා. මේකට කරපු මහා වියදමෙන් බදුල්ල දිස්ත්‍රික්කයේම තියෙන පාරක් හදලා දෙන්න මේ දේශ පාලුවන්ට බැරිද? වතුර නැති තැනකට වාරි ජල යෝජනා ක්‍රමයක් පටන්ගන්න ආධාර දෙන්න බැරිද?
අපි හොඳින්ම දන්නා හම්බන්තොට වරයේ කරදියවර මංගල්‍යයය වෙනුවෙනුත් රජය රුපියල් කෝටි ගණනක් වියදම් කරලා තිබුණා. හැම තැනම තියන්නෙ මේ විදියෙ ආටෝප වැඩම තමයි. හරයක් නැති උනත් බොරු මවාපෑම් නම් හැමතැනම තියනවා.
කවුරු කොහොම කිව්වත් මම නම් කියන්නෙ අද ලංකාවෙ ඉන්න ගොඩක් මිනිස්සු මෝඩයි කියලා. නත්නම් මේ දේවල් කරලත්, අසරණ මිනිස්සුන්ට තියන දේ හූරගෙන කාලා නැවතත මනාපෙ ඉල්ලගෙන ඇවිත් බොරුවක් කීවාම ඔහෙ දීලා දායිද?. රට ගැන, අනාගතය ගැන, සොබාදහම ගැන හැඟීමක් බහුතරයකට නෑ කියල කියන්න බය වෙන්න ඕනෙ නෑ. ඒක හැම තැනම පේන්න තියන සත්‍යයක්.

ප.ලි.
දැනගන්නට ලැබෙන විදියට අපේ රාජ්‍ය නායකයින්ගේ ඇමරිකා හා යුරොපා සංචාර වලටත් බර වියදම්ලු.
කමක් නෑ. අපි බදු ගෙවලා උඹලට හම්බ කරලා දෙන්නම්. උඹලා රටින් රටට ගිහින් හොඳම හෝටල් වලින් කාලා, 'බීලා', නටලා ආතල් ගනිල්ලා.
අපිට බුදු සරණයි!