RSS

Monday, July 26, 2010

බුදු හිමියන්ටත් කලි යුගයේ... දෙවියන්ගේ පිහිටයි...



බුදු හිමියන්ටත් කලි යුගයේ... දෙවියන්ගේ පිහිටයි...
බුදුන්ටත්.. දෙවියන්ගේ පිහිටයි...
පරවුණු මල් දැක නිවුණු පහන් මැද
බුදු හිමි තනි විය බුදු කුටියේ..
මල්දම් පලතුරු අගිල් කපුරු මැද දෙව් රජු වැජඹෙයි දෙව් මදුරේ...


බුදු හිමියන්ටත් කලි යුගයේ...


යතියන් පුද දෙන රුපියල් සත ගෙන රුපුන් නසා දී රැකවරණේ...
දෙවියන් උපයන මුදලින් සුරැකෙයි බුදුන් දහම් සඟ තුන් සරණේ..


බුදු හිමියන්ටත් කලි යුගයේ...
නන්දා මාලිනියගේ හඬින් මේ ගීතය 80- 90 දශකයේදී  අපට අහන්නට ලැබුණත්, අදටත් ගොඩාක්ම ගැලපෙන එකක් කියලයි මටනම් හිතෙන්නෙ.
මොකද අද මේවනවිටටත් මිනිස්සු කී දෙනෙක් නම් පූජා වට්ටි කර තියාගෙන දේවාල ඉස්සරහ ඉන්න්වද?
තමන්ගේ ජීවිතවල තියෙන විශ්වාසය නැතිකරගෙන ඒ වෙනුවට තව අදෘග්‍යමාන බලයක් අදහන්න නම් ඒ මනුස්සයාගෙ ආත්ම විශ්වාසය බින්දුවටත් වඩා අඩු වෙන්න ඕනෙ.
නන්දා මාලිනිය කියන විදියටම පොලොන්නරු යුගයේදී විද්යාන චක්‍රවර්තීන් බුත්සරණ ලීවේත්, කොට්ටේ යුගයේදී වීදාගම හාමුදුරුවන් බුදුගූණ අලංකාරය ලීවේත් දේව වාදයෙන් යටපත් වූ බුදු දහම නගා සිටු වීමටයි.
දෙවියන් අදහන එක අපේ සංස්කෘතියට හරියට එකතු උනේ මහනුවර යුගයේදී සතර දේවාල දළඳා මාලිගාව වටේට නිර්මාණය වීමත් සමගයි.ඊට කලින් දේව විශ්වාස යම් තරමින් තිබුනත්, බුදු දහමේ ආභාශයත් එක්ක එයට ලොකු තැනක් ලැබුනෙ නැහැ.
නමුත් අපේ මහනුවර යුගයෙ රජ කරපු සමහර රජවරු නිසා ඒ දේවලුත් අපේ සංස්කෘතියට එකතු උනා.
නමුත් අද වෙලා තියන්නෙ බුද්ධාගම වෙනුවට පන්සල් ගොහින් දෙවියන් අදහන්නයි. මේ තත්වය උදාවෙන්න අපෙ ඉතිහාසයේ හිටපු සමහර උදවිය වගේම වෙනත් රටවලින් ආපු ආක්‍රමණ වගේ දේවලුත් බලපෑවා.
ඇත්තටම අද අපි අදහන ගොඩාක් දෙවිවරු මෑතකදි අපෙ සංස් කෘතියට එකතු උන අය.
වෙලා තියන ලොකුම අභාග්‍ය තමයි දැනුම් තේරුම් ඇති සමහර උදවියත් පුරුදට වගේ වගේ මේ දේවල් කිරීම. දෙවියො මොනවද කරල තියන්නෙ? දෙවියො නොනවද දීලා තියන්නෙ කියල අහුවොත් කිසි කෙනෙකුට පෙන්නන්නවත් කියන්න්වත් දේවල් තියනවා කියල මම නම් හිතන්නෙ හැහැ.
අවසාන වශයෙන් කියන්න දෙයක් තියෙනවා. මේක සංවාදයට විවෘත මාතෘකාවක්. අපි බෞද්ධයො විදියට කතරගම යන්න් ඕනෙ දේවාල වඳින්නද, එහෙමත් නැති නම් කිරිවෙහෙර වඳින්නද කියලා ඔය හිතෙන්ම අහලා බලන්න.
ඔබ ගැන තීරණයක් ගන්න ඒක ප්‍රමාණවත් වෙවි. ඔබත් දෙවියන්ව අන්ධව විශ්වාස කරනවා නම් මේ ගැනත් හිතලා බලන්න. තර්ක තියනවානම් ඉදිරිපත් කරන්න.