RSS

Friday, February 26, 2010

මේකයි මගේ රට.


 මේ පින්තූරය දකින විට ඔබට හැඟෙන දෙයට කරුණාකර රටට බනින්න එපා. මේ තරමට දේවල් දකින්නට මග පාදපු ඒ සමාජ ක්‍රමයට පුලුවන් නම් බනින්න.එහෙම නැති නම් මෙහෙම වෙන්න හේතු වෙන පාලනයට බනින්න.

ඒකට  ඔබත් හේතුවක් නම්  ඔබ ඔබටම බැන ගන්න.

හිතන්න නිදහස ලියන්න කියන්න නිදහස
බනින්න නිදහස ඇති රට මේ උත්තම රට
බයිලා කියා පුදදෙමු අපි ස්වෛරි සිරිලක
නිවන් දකිත්වා අපගේ ජන නායක කැල

- සුනිල් ආරියරත්න



මොනවා කරමුද අපි
හඩමුද සිනාසෙමුද?

කා හට කියමුද අපි
ගැටෙමුද පලා යමුද?

- සුනිල් ආරියරත්න

හෙටින් උදා වන ලෝකය සැමටම සුවදායක වේවා...




උපතේ සිටම මිනිසා නොයෙක් වූ අවස්ථාවන්ට මුහුන පාමින් ජීවිතය පුරා නොයෙක් අද්දැකීම් එකතු කර ගනියි. එහෙත් නොයෙක් හොඳ මිනිසුන් මෙන්ම නොයෙක් ආකාරයේ තිරිසන් ගති ඇති අයද අප අතරම සුලබව දකින්නට ලබේ. මම අද විශ්වාස කරන පරිදි, මේ ලෝකයේ ජීවත්  වීමට නම් හොඳින්ම සිටීම ඉතාම අනතුරු දායකය. බලු වැඩ කරන අයට කවදා වත් වරදින්නේ නම් නැත.
අනිත් අයට ආත්මාර්තකාමී වූ තරමටම හොඳින් සිටීමට ඉඩ ලැබේ.
නමුත් මනුස්සකමට එහා ගිය දේවල් කිරීමට ඔබටත් මටත්  අපහසු බව මම දනිමි. නමුත් මනුස්සකමටත් නිගා කරන සමාජයක යහතින් සිටීමටද අතිශය අපහසුය.
මනුශ්‍යත්වයේ නාමයෙන් මෙය  කියවන ඔබද අතැම්විට කරුණාබර  ලොවකට සිහින දකිනවා විය හැක. මම ඔබෙන් පුංචි ඉල්ලීමක්  කරමි. ලෝකය කොතරම් නපුරු උවත් අපි අපට පුලුවන් ලෙස ලෝකය අනාගතයට සුව දායක කරමු.
 ලෝකයට බරක් නොවූ අයෙකු ලෙස ජීවත් වෙමු.


                       

Wednesday, February 24, 2010

ඊ මේල් එකකින් ආපු පින්තූර ටිකක්. හිරිකිත හිතේවිද දන්නෙ නෑ

Monday, February 22, 2010

අද දේශපාලනය..

අද ලංකාවේ දේශපාලනය ගැන කතා කරන්න ගත්තොත් ඒක ගොඩක් අයට පෙනේවි ජරාවක් වගේ. ඇත්තම කතාව නම් රට තියෙන තත්වය ගොඩක් මිනිස්සු දන්නෙනේ නැහැ.සමහර දේශපාලකයො මේ ඡන්දෙට කරල තියෙන වියදම කෝටි දෙකකටත් වැඩියි. හැබැයි අවුරුදු හයම පාර්ලිමේන්තුවෙ හිටියත් ඒතරම් හම්බ කරන්න් බහැ. ඒත් මෝඩ ලංකවෙ මිනිස්සුන්ට ඒවා එච්චර දේවල් නෙවෙයි.

Sunday, February 21, 2010

හෙට ලෝකය අපි හිතන තරම් සොඳුරු නැහැ මේ විදියට ගියොත්.

 

මේ දවස් වල වැඩිපුරම කතාබහ කරන මාතෘකවක් තමයි කාලගුනික වෙනස්කම් කියන්නෙ. මේනිස අපට අත්විදිඳින්නට වෙන අකරතැබ්බ ගැන විස්තර ටිකක් බලමු.

test

test