RSS

Friday, February 26, 2010

හෙටින් උදා වන ලෝකය සැමටම සුවදායක වේවා...




උපතේ සිටම මිනිසා නොයෙක් වූ අවස්ථාවන්ට මුහුන පාමින් ජීවිතය පුරා නොයෙක් අද්දැකීම් එකතු කර ගනියි. එහෙත් නොයෙක් හොඳ මිනිසුන් මෙන්ම නොයෙක් ආකාරයේ තිරිසන් ගති ඇති අයද අප අතරම සුලබව දකින්නට ලබේ. මම අද විශ්වාස කරන පරිදි, මේ ලෝකයේ ජීවත්  වීමට නම් හොඳින්ම සිටීම ඉතාම අනතුරු දායකය. බලු වැඩ කරන අයට කවදා වත් වරදින්නේ නම් නැත.
අනිත් අයට ආත්මාර්තකාමී වූ තරමටම හොඳින් සිටීමට ඉඩ ලැබේ.
නමුත් මනුස්සකමට එහා ගිය දේවල් කිරීමට ඔබටත් මටත්  අපහසු බව මම දනිමි. නමුත් මනුස්සකමටත් නිගා කරන සමාජයක යහතින් සිටීමටද අතිශය අපහසුය.
මනුශ්‍යත්වයේ නාමයෙන් මෙය  කියවන ඔබද අතැම්විට කරුණාබර  ලොවකට සිහින දකිනවා විය හැක. මම ඔබෙන් පුංචි ඉල්ලීමක්  කරමි. ලෝකය කොතරම් නපුරු උවත් අපි අපට පුලුවන් ලෙස ලෝකය අනාගතයට සුව දායක කරමු.
 ලෝකයට බරක් නොවූ අයෙකු ලෙස ජීවත් වෙමු.


                       

No comments:

Post a Comment