Saturday, May 21, 2011
මනුස්සකම හඳුනන මිනිසුනි ආචාර වේවා!..
මමත් මේ ලියන්න යන්නෙ දිලුම්ට නිවන් සුව ලැබේවා කියල විතරක් නෙවෙයි. තවත් එක නොහැඳුරූ, නොදුටු (ඇතැම්විට) සහෘදයෙකු වෙනුවෙන් එකතු උනු හැමෝටම ස්තුතියි කියලයි. ඉලන්දාරියා අපි කවුරුවත් නොහිතපු වෙලාවක, එයාවත් නොහිතපු වෙලාවක නොකියාම යන්න ගියා.
ඒකෙන් අපි හැමෝටම අමතක නොවෙන දුකක් ඇති උනා විතරක් නෙවෙයි අපි කතා කරන්නත් පටන් ගත්තා.
ඒත් දිලුම් ගැන මුලින්ම දැන ගත්ත වෙලාවෙ ඉඳලා මේ වෙන කම් කොයි තරම් කැප කිරීම් කරපු මිනිස්සු හිටියද? අපි හැමෝම ඒ මිනිස්සුන්ට ආචාර කරන්න ඕනා මනුශ්‍යත්වයේ නාමයෙන්. තමන්ගෙ වෙලාව, මුදල්, ආදිය උනත් මේ විදියට දෙන්න හැමෝටම බැහැ. තමන් ගැන මහා ලොකුවට හිතාගෙන ඉන්න පුහු මිනිසුන්ට, පොරවල් වලට කවදාවත් ලබන්නට බැරි නිරාමිශ සතුටක් ඒ වෙනුවෙන් තමන්ගෙ දේවල් කැප කරපු මිනිස්සුන්ට තියෙනවා.
මෙහෙම ලිව්වත් මම අඩුම ගනනේ මළ ගෙදරටවත් සහභාගී උන කෙනෙක් නෙවෙයි. වැඩිපුර වැඩ යොදාගෙන ඒකටවත් නිදහසක් නැති උන එකෙක්. ඒ නිසා මම ඔබට ලැජ්ජාවෙන් යුතුව ආචාර කරමි පරාර්ථකාමී මිනිසුනි!
ඉවර කරන්න හදනකොට මට මතක් වෙනවා නන්දා මලනී මහත්මියගෙ ගීතයක්.
"නොපෙනෙන දෙනෙතට දෙනෙතක් විය හැකි නම්..
හඬ හැති මුවගට කටහඬ විය හැකි නම්..
අහිමිමු දෙපයට පායුග විය හැකි නම්..
පොඩි මිතුරෝ. මම නුඹ සිප ගන්නම්.."

Sunday, March 27, 2011
විකිරණ වලට හානි කරන්න බැරි උන ජපන් ජනතාවගේ එකමුතුකම.
ජපානෙට සුනාමියක් අවිල්ලා සෑහෙන ගානක් මැරිලා, විකිරණ කාන්දු වෙලා.. තව ගොඩාක් දේවල් වෙලා ඉවරයි.
මේක අතුරු කතාවක්.. හිතලා බලන්න දෙයක්.
මේ මොනවා උනත් බලන්න තව ටික කාලෙකින් ජපානෙ හිටියටත් වඩා හොඳට අලුමතින් නැගිටිනවා. මොන විපතක් උනත් කලින් හිටියට වඩා ශක්තිමත් වෙන්න ඒ රටේ මිනිස්සු හැඩ ගැහිලා තියනවා.
ෆුකුශිමා බලාගාරයට හානි උනාට පස්සෙ ඒක පිලි සකර කරන්න එතනම වැඩ කරපු මිනිස්සු දිවි පරදුවට තියලා වැඩ කලා. ඒකට ජපානයේ විතරක් නෙවෙයි, මේ ලෝකෙම ඉන්න මිනිස්සුන්ගෙ ශීර්ෂ ප්‍රණාමය
ඒ 'උතුම් මිනිසුන්' ට හිමි වෙන්න ඕන.
තවත් සුවහසක් මිනිස්සු වෙනුවෙන් තමන්ගෙ ජීවිතේ ගැන වත් නොහිතා වැඩ කරන්න පුලුවන් ශ්‍රේෂ්ඨ මනුස්සයෙකුටම විතරයි. ඒට පස්සෙ රට ගොඩනගන එක හැමෝගෙම වැඩක් බව දැනගෙන හැමෝම එකා වගේ වැඩ කරනවා.
අපේ රටත් සුනාමි ආවා. අපි පුලුවන් විදියට හැමෝටම උදව් කර ගත්තා. ඊට පස්සෙ, දැන් ඉතින් ගොඩනගමු කියලා සින්දු කිව්වා, ආධාර ලැබුණා. ඒවා බහිරවයො ගිලපු වෙලාවල් තිබුණා.
ජාතිවදී යුද්දයක් තිබුණා. ඒක ඉවර කරන්න අපේ කොල්ලො තමන්ගෙ ජීවිත පූජා කලා. හැමෝම තමන්ට පුලුවන් විදියට 'අපි ඔබ සමගයි' කියලා බැනර් එකක් වත් එල්ලුවා. ඊට පස්සෙ, යුද්ධ ජයග්‍රහණය එක එක්කෙනාගෙ නමට ලියාගන්න වලි කෑවා. දේශප්‍රේමීන් එක රැයකින් ද්‍රෝහීන් උනා. දේශද්‍රෝහීන් එක රැයකින් දේශප්‍රේමීන් උනා. රජගෙදරටම ආවා.
ජපන් ජාතිකයයි සිංහලයයි වෙනස් වෙන්නෙ මෙතෙන්දියි. විපතකට පස්සෙ ජපානෙ හැම මිනිහෙක්ම තේරුම් ගත්තා තමන්ට රට වෙනුවෙන් කරන්න දෙයක් තියනවා කියලා. තමන්ගෙ රට ගොඩ නගන්න තමන්ටම පුලුවන් කියලා ඔවුන් තේරුම් ගත්තා. ජපානෙ මිනිස්සු තමන්ට ඕනෙ කරන දේවල් තමන්ම හදා ගත්තා. ඒත් එක්කම රටේ හැමෝම දේශීය දේවල් මිලට ගත්තා.
'ටොයොටා' වගේ විශාල සමාගම් උනත බිහි උනේ එහෙමයි. අපි හැමෝම ජපන් බෝනික්කගෙ කතාව දන්නවනෙ.අඩු පාඩු තිබුනත් ඒක ජපානෙ හදපු නිසා මිනිස්සු ඒක ගත්තා. අඩු පාඩු හැදුනා. ලෝකෙන්ම හොඳට බෝනික්කො හදන්නත් පුලුවන් උනා.
දේශීයතවය ගැන පුරාජේරු ගහන ජනතා නියෝජිතයන් ගැන මම මොනවත් කියන්න යන්නෙ නෑ. බලන්න ජපන් ජාතිකයයි අපියි අතර තියන වෙනස! අපේ අය බඩුවක් මිලට ගන්න ගියම ඒක 'ඉම්පෝටඩ්' නම් වැඩියෙනුත් එක්ක ගෙවලා ගන්නව. 'ලෝකල්' එපා. තියන පොෂ් කමට රට කෑම කන්නෙ. ඉම්පෝටඩ් ඇඳුම් අඳින්නෙ. අනෙ මුන්ගෙ රෙද්දෙ පොෂ්.
ඇයි පලතුරක් නම් ඉතින් ඇපල් හරි දොඩම් හරි තමයි!
මතක තියාගන්න. අනාගතේදි අපේ දරුවො, මුණුබුරෝ අපිට බනිනවා. ඇයි අපිවත් උඹලා ණය කාරයො කලේ කියලා. අපේ රටේ ලොක්කො වෙන රටවල් වලින් හිඟා කාගෙන ඇවිත් අපිට 'සහන' දෙනවා. අපිම නොදන්න විදියට ඒවා උන් ආයෙ ගන්නවා. ලොකු සංවර්ධන වැඩ වලට 'ණය' ගන්නවා. ණය ගත්ත රටෙන්ම කොම්පැණියක් ඇවිත් වැඩ කරනවා. අපි උන්ගෙ සල්ලි උන්ටම දීලා තවත් හිඟන්නො වෙනවා.
මේ දේවල් වලට අපිට එක පාරටම මොනවත් කරන්න බැරි උනත් කරන්න පුලුවන් දේවල් තියනවා. අපේ දේවල් විතරක් මිලට ගත්තොත් හදන එකාට ඒක ලොකු හයියක්. ඒකෙන් තවත් කට්ටියට රැකියා ලැබෙනවා පිටට යන මුදල් අඩු වෙනවා. නැති නම් වෙන්නෙ ආනයනය කරන්න දීපු 'සහන' ටික පියවන්න තවත වැඩිපුර බදු ගෙවන්න වෙන එකයි.(යකෝ! මේ සහන කියලා කපා හරින මුදල් අය-වැය පරතරය නැති වෙන්න ආයෙ බදු විදියට ගෙවන්න ඕනෙ අපිම තමයි)
ස්තුතියි මේ ටික කියෙව්වට! හිතෙන්ම අහලා බලන්න 'ශ්‍රී ලාංකිකද?' කියලා

Thursday, February 24, 2011
ස්තුතියි හැමෝටම..
මේ ලෝකෙ හැම කෙනෙකුටම යම් කිසි දිනයක් තමන්ගේ සැමරුම් දිනයක් විදියට වෙන් කරගන්න පුලුවන්. ඒක අවුරුද්දකින්, දෙකකින්, තුනකින්, එහෙමත් නැතිනම් වෙන කාරණාවක් හන්දා සමරන දෙයක් වෙන්න පුලුවන්. ඔන්න! මටත් එහෙම සමරන්න දෙයක් තියනවා නොවැ..
අද වගේ දවසක හැමෝටම ස්තුතියි කියලා කියන එක මගේ යුතුකමක් කියලා හිතනවා. මොකද මගේ බ්ලොග් කෙරුවාව පටන් අරගෙන මේ මාසෙ 21 වෙනිදට හරියටම අවුරුද්දක්! මට මතක විදියට හදලා සතියකින් විතර පබ්ලිෂ් කරන්නත් පුලුවන් උනා. මං තාම පොඩ්ඩෙක් :) ඒ අවුරුද්ද ඇතුලෙදි මම බ්ලොග් එකෙන් ලෝකෙ ගැන දැනගත්ත දේවල්, බ්ලොග් රීඩර් වලින් ජීවිතේට එකතු කරගත්ත දේවල් බොහෝමයි.
ඒ හන්දා, මම කාගේ හරි සයිබර් අවකාශයකට ගිහිල්ලා මොනවා හරි ඉගෙන ගත්තානම්, මොනවා හරි දෙයක් ජීවිතේට ගත්තා නම් ඒ හැමෝටම ගොඩාක් පිං.
හැබැයි මගේ පැත්තෙන් බලනකොට මම ගොඩාක් ලිපි ලියලා නැහැ. සමහර මාසවල එකක්වත් නෑ. ඒත් හොඳ දෙයක් ගැන ලීවාම ගොඩක් අය බලනවා, කොමෙන්ට් දානවා කියලා මම දන්නවා. ඉතින් මේ ටික කාලෙට මාව අඳුන ගත්ත, මගේ මේ පුංචි නවාතැනට ආපු ඔය හැමෝටම ගොඩාක් ස්තුතියි.
ඒ අතරේ විශේෂයෙන්ම ස්තුති කරලා බැරිම කෙනෙක් ඉන්නවා. ඒ තමයි යසිත් මියුරංග; මගේ මිත්‍රයා. ස්තුතියි බෝලෙ ගොඩාක්. උඹ නැති නම් මම මෙච්චර දුරක් කීයටවත් එන්නෙ නෑ. මට ගොඩක් දේවල් කියලා දුන්නට ගොඩක් පිං.
ඉතින් මේ විභාග අස්සෙත් අපි වැඩ. හිතට ආපු දෙයක් එක්ක ආයෙත් හම්බ වෙමු.

Tuesday, February 22, 2011
පිටිකිරි වල තිත්ත පැත්ත.
මේ පොස්ට් එක බලන ඔබ උදේට කිරි කෝප්පයක් බොන එක සාමාන්‍යයෙන් කරන දෙයක් වෙන්න ඇති. එක එක ජාතියේ කිරි තියනවානෙ එක එක නම් වලින්. එක එක ජාතිය එක එක රස වලින්. ගොඩක් වෙලාවට පොඩි කාලෙ හුරු උන රසට තමයි ජීවිත කාලෙටම අපි තැන දෙන්න.
ඒත් මේක පිටිපස්සෙ තියන්නෙ ටිකක් වෙනස් කතාවක්.
ලංකාවට පිටි කරන ලද කිරි ගෙන්වන්නෙ බොහෝ විට ඕස්ට්‍රේලියාවෙන් හෝ නවසීලන්තයෙන්. මෙහෙම ගෙන්වන්නෙ කොටසක් ඒ රටවල නැවුම් විදියට විකුනන්න තියලා ඉතිරි වන ඒවා. තවත් කොටසක් ගොවිපලවල එළදෙනුන්ගෙන් දොවාගත් ඒවා. කොහොම වෙතත් මේ කිරි විසිර වියලනයක් තුල සෙල්සියස් අංශක 240ට රත් කරලා තමයි පිටි බවට පත් කරන්නෙ. එතකොට කිරි වාෂ්පයෙන් ජලය ඉවත්වෙලා පිටි ටික ඉතිරි වෙනවා. අපි හැමෝම දන්න විදියට මේ වෙන කොට ඒකෙ තිබුණු පෝෂ්‍ය පදාර්ථ බොහෝමයක් මේ වෙනකොට නැතිවෙලා ඉවරයි.
ඒට පස්සෙ මේකට එක එක දේවල් එකතු කරනවා. විවිධ ප්‍රෝටීන වර්ග,විටමින ආදී වශයෙන්. හැබැයි මේ එකතු කරන දේවලුත් බොහෝ විට කෘතිමව සංශ්ලේශනය කරාපුවා.
සමහර විට මේක කියවනකොට හිතේවි 'ඉතීන් අපි කිරි පිටි බීල වැඩක් නැහැනේ' කියල. ඇත්ත.. ගොඩක් වෙලාවට අපි මේක කරන්නෙ පුරුද්දට, නැත්නම් උත්තේජක පානයක් විදියට.
අපේ මේ පුරුද්ද හන්දා පිට රටවල් වලට අපේ රටින් ඇදිල යන විදේශ විනිමය ප්‍රමාණය වසරකට රුපියල් බිලියන 20 කට වැඩියි. 2007 දි පිටි කිරි මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනය කරලා තියනවා. හිතලා බලන්න අපි රට සංවර්ධනයට කෑ ගගහ හිටියට, අපි තාමත් රටින් කිරි ගෙන්නන්න සතියකට විතර සැරයක් රුපියල් දෙතුන්සීයක් පිටරටවලට පටවනවා.
රටක් හදන්න ආණ්ඩුවට විතරක් ඇඟිල්ල දික් කරලාවැඩක් හැහැ. අපි හැමෝටම ඒ වෙනුවෙන් කරන්න දෙයක් තියනවා.
අඩුම වශයෙන් අපේ රටේ හදන දේවල් වත් මිල දීල අරගෙන..
අපේම රටේ හදන කිරිපිටි වර්ගයක් විදියට දැනට ගන්න තියන්නෙ 'හයිලන්ඩ්' විතරයි. ඒක දිය වෙන ගතිය ටිකක් අඩුයි ඒකට හේතුව දියවෙන්න දාන රසායනික ද්‍රව්‍ය නොදාන හන්දා. අනෙක් හැම එකකටම දාන ජාති හොයලා බැලුවොත් අපිට බොන්න හිතෙන්නෙ නෑ.
අනිත් කාරණාව තමයි ගොඩක් කොම්පැණි අපිට ආදරේට කිරි පොවනවා නෙවෙයි, ඒ අය නිශ්පාදන වියදමෙන් 60%ක් විතර වැය කරන්නෙ ප්‍රචාරණ කටයුතුවලට, ඉතින් අපෙ 'නුවණක්කාර අය', 'අම්මාගේ පෝෂණය දෙන්න කැමති අය', 'දෙනුන්ගෙන් දොවාගත් නැවුම් එළකිරි' දෙන්න කැමති අය අත දිග ඇරලා දෙන්නෙ මේ බව දැන්ගෙන නෙවෙයි වෙන්න ඇති.
පුලුවන් නම් නැවුම් එළකිරි බොන්න, ඒක ගොඩාක් වටිනවා. නැති නම් කැඳ වර්ගයක් හරි, වෙනත් ඖෂදධීය පානයක් හරි බොන්න තියනවා නම් ඒක ගොඩාක් හොඳයි. ඔය වැඩකට නැති පාන වර්ග තවත් ලෙඩත් එක්ක අපේ ඇඟ ඇතුලට දාගන්නවට වඩා. දිය වැඩියා රෝග තත්ව වලටත් ප්‍රධාන හේතුවක් තමයි අධික විදියට පිටි කිරි භාවිතය.
මට මේක ලියන්න හිතුනේ මගේම ගජයෙක් අසනීප හන්දා කිරි පිටි එකක් ගෙනැවිත් බොන හන්දයි.
ඉතින් හැමෝගෙන්ම ඉල්ලනවා මේ පුංචි කාරණාව ගැනත් පොඩ්ඩක් අවධානයෙන් හිතලා බලන හැටියට.
ප.ලි. පාස්චරිත කිරි තමයි වෙළඳපලේ ගන්න තියන වැඩිම පෝෂණයෙන් යුත් කිරි වෙන්නේ.
Wednesday, February 2, 2011
පිළිකාව වසංගතයක් වේවිද? නැත්නම් වලක්වා ගන්න පුලුවන්ද?...
දැන් ඉස්සරට වඩා පුදුම විදියට පිළිකා වැළඳීම නිසා මරණ වෙන ප්‍රමාණය වැඩියි. ඒක මම විතරක් නෙවෙයි. මේක බලන ඕනෙම කෙනෙකුට ඒවගේ අද්දැකීම් ඕනෑ තරම් ඇති. මට හිතෙන විදියට තව කාලයක් යනකොට වැඩිපුරම මරණ වලට හේතුවක් වේවි මේ රෝගය. මම දන්න විදියට මේකට අපේ ආහාර පුරුදු ගොඩාක් මේකට බලපානවා. විශේෂයෙන්ම ක්ෂණික ආහාර!
මම අද ගියා බදුල්ල පිළිකා රෝහලේ ඉන්න, අපේ අයිය කෙනෙකුගේ අම්ම්මාව බලන්න. අම්මා.. සංසාරේ දුක මතක් වෙනවා ඒ වගේ තැනකට ගියාම. කාට උනත් ඒවගේ දෙයක් උනාම කර කියා ගන්න දෙයක් නැති වෙනවා. පවුලේ කෙනෙකුගෙනුත් හරි හමන් උපකාරයක් නැති උනොත් කොයි තරම් අසරණ වෙනවද? ඒ වෙලාවට පිහිටට ඉන්නෙ අපි පුලුවන් විදියට එකතු කරගත්තු මිනිස්සු ටිකක් විතරයි.
අපෙ කැම්පස් එකේ අක්ක කෙනෙකුත් නැති උනා මීට මාස 2කට කලින්. ඒත් පිළිකාවක් නිසා. අනේ මන්දා..මේක මට උත්තර නැති ප්‍රශ්නයක් හන්දයි මෙහෙම ලිව්වෙත්. පුලුවන් විදියට නරක ආහාර පුරුදු වලින් ඈත් වෙන්න. දැනුවත් කෙනෙක් ඉන්නවා නම් අපිට මේකට කරන්න පුලුවන් මොනවද කියලා කමෙන්ට් එකක් හරි පොස්ට් එකක් හරි දාන්න.

Friday, January 28, 2011
අවුරුදු තුනෙන් පූදින පොල් පැලයක් අපේ ගෙදරත් හිටවා ගමුද?
දැන් ලංකාවෙ තියන පොල් අර්බුදය ගැන කස්ටියට අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ. මේකට අපිටත් දෙන්න පුලුවන් පොඩි විසඳුමක් ගැනයි මේ කියන්න යන්නෙ.
දැනට ශ්‍රී ලංකා පොල්පර්යෙෂණ ආයතනය හඳුන්වාදුන් කෙටිකලීනව පලදරන ප්‍රභේද කීපයක් තියනවා. එකක් තමයි CRI C-65, තව එකක් තමයි CRI C-60. මේ ප්‍රභේද දෙකම අවුරුදු තුනෙන් පූදිනවා. මේ අතරින්
CRI C-65 ගෙවත්තකට වඩාත් සුදුසුයි. මේ කියන ප්‍රභේද රජයේ අනුමැතිය ලත් බීජ අලෙවි කරන මධ්‍යස්ථානයකින් හරි එහෙම නැත්නම් කොළඹ ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ තියන පොල් අලෙවි මණ්ඩලයෙන් හරි එහෙමත් නැත්නම් පොල් පැල විකුණන්න තියන ඕනැම තැනකින් ගන්න පුලුවන්. තවත් අලුත්ම ප්‍රභේදයක් තමයි 'කප් රුවණ' කියන්නෙ. මේක නම් ගන්න පුලුවන් ලුණුවිල පොල්පර්යෙෂණ ආයතනයේ අලෙවි අංශයෙන් විතරයි.
ගන්න ගියාම මතක ඇතුව බලන්න ඕනෙ පොල් පර්යේෂණ මණ්ඩලය මගින් සහතික කරපු කොල පාට ලේබලය තියනවාද කියන එක. ඒත් එක්කම සාමන්‍යයෙන් පොලිතීන් ඇසුරුමේ CRI කියලා මුද්‍රණය කරල තියනවා.
අනිත් කාරනේ තමයි හිටවන්න ගියාම අඩි 4*4*4 වලක් කපන්න ඕන. අඩියට අඩි 1.5-2 විතර උසට පොල් ලෙලි දාන්න. තව අඩියක් විතර උසට පොහොර පස් හරි කොම්පොස්ට් මිශ්‍රණයක් හරි දාන්න. ඊට පස්සෙ පැලය හිටවලා නිර්දේශ විදියට පොහොර දාන්න පුලුවන්.
මේකට අවශ්‍ය විස්තර පැලය මිලදීලා ගන්නකොට පත්‍රිකාවකින් ගන්න පුලුවන්. පැලයක සාමන්‍ය මිල රුපියල් 150ක් විතර වෙනවා. ඉතින් මේ පොල් ගෙඩි 3ක වියදමනේ.
පොල් පැලයක් හිටවා ගන්න දැන් උනත් පරක්කු නැහැ. අඩි 10*10 විතර ඉඩකඩක් හොයා ගන්න පුලුවනි නම් පැලයක් හිටවන්න ටිකක් ප්‍රමාණවත්.
එහෙනම් කප් රුකක් හිටවාගෙන ගෙවත්තත් ටිකක් ලස්සන කර ගමුද?

අලුතින් පායන සඳු..හිරු.. තරු..
ඡන්ද කාලෙ ඔන්න අයෙමත් ඇවිත්. තාප්ප පිරෙන්න පෝස්ටර්, තඩි කටවුට් එහෙමත් දැනටමත් එල්ලලා. ඒ අතරේ කට්ටිය ඉන්නවා පලාතට අලුතින් පායන ඉරවල්.. හඳවල්... අම්මෝ.... මෙහෙම යනකොට අපිව පිච්චිලා මැරෙයි!
අනේ තමන්ට ප්‍රාදේශීය සභාවට යන්න මේ මිනිස්සු කොයි තරම් වියදම් කරනවද? මේ කට්ටිය ගෙන් සමහරු අවුරුදු පහටම හම්බ කරන්න තරම් බැරි තරම් මුදලක් දැනටමත් වියදම් කරලා ඉවරයි.
මිනිස්සුන්ගේ ලැජ්ජාව කොයි තරම් නැද්ද කියනව නම්, සමහරු දත් තිස් දෙකම පිරෙන්න හිනාවෙලා, සමහරු අමුතු ඇඳුම් ඇඳලා. අනේ මෙහෙමත් රටක්!
ඇත්ටටම ලංල්කාවෙ මිනිස්සු තාමත් මෝඩයි. ඉස්සර නම් තමන්ට රස්සවක් දුන්න මිනිහට මුලු පරම්පරාවම ඡන්දෙ දුන්නා. දැන් යන්තම් පාර බාගෙට හදල දුන්න කෙනාට දෙන්න යනවා. ඇත්ත! ඒවා කරන්න ඕනෙ තමයි. ඒත් බලන්න ඒ කට්ටිය අවුරුදු දෙකක් විතර යනකොට අලුතින් වාහන ගන්නවා, අලුතින් ගෙවල් හදනවා,කාගෙද මේ සල්ලි? කොහෙන්ද මේ අයට මෙච්චර සල්ලි?
අපේ සමහරු නොදන්නවා උනාට දේශපලනේ කරන ගොඩාක් අපේ මැති ඇමති වරුන්ට ස්විස් බැංකු ගිණුම් තියනවා. ඒ බැංකු ගිණුම් පරීක්ෂා කරන්න කාටවත් අයිතියක් නැහැ. ඒ නිසා අපේ සල්ලි ගොනි පිටින් නොගියාට ඇත්තටම ගත්තොත් ලොරි ගානකට ලංකාවෙ සල්ලි ඔය බැංකු වල ඇති.
අපිත් ඉතින් හෙට රට හැදෙයි අනිද්දා රට හැදෙයි කියලා බලන් ඉන්නවා. අපේ කියලා පරමාදර්ශී නායකයෙක් පේන තෙක්මානෙක නෑ. ඉන්දියාවට මහත්මා ගාන්දි වගේ, චීනෙට මාවෝ සේතුං වගේ, ලංකාවට කවුද? මහින්ද රාජපක්ෂද?
අනේ අපි මැරෙන්න කලින් වත්, මිනිස්සුන්ගේ සල්ලි හූරාගෙන කන්නෙ නැති, හැම මිනිහෙකුටම නීතියෙන් එකවගේ සලකන,තමන්ගේ අයියලා මල්ලිලා වගේ රටේ අනිත් අයිඅය්ලා මල්ලිලා ගැන හිතන, තමන්ගේ පුතා
වගේ අනිත් පුතාල ගැනත් හිතන නායකයෙක් ලැබේවා කියලා ප්‍රර්ථනා කරමු!
Subscribe to:
Posts (Atom)