RSS

Wednesday, February 2, 2011

පිළිකාව වසංගතයක් වේවිද? නැත්නම් වලක්වා ගන්න පුලුවන්ද?...

 දැන් ඉස්සරට වඩා පුදුම විදියට පිළිකා වැළඳීම නිසා මරණ වෙන ප්‍රමාණය වැඩියි. ඒක මම විතරක් නෙවෙයි. මේක බලන ඕනෙම කෙනෙකුට ඒවගේ අද්දැකීම් ඕනෑ තරම් ඇති. මට හිතෙන විදියට තව කාලයක් යනකොට වැඩිපුරම මරණ වලට හේතුවක් වේවි මේ රෝගය. මම දන්න විදියට මේකට අපේ ආහාර පුරුදු ගොඩාක් මේකට බලපානවා. විශේෂයෙන්ම ක්ෂණික ආහාර! 


මම අද ගියා බදුල්ල පිළිකා රෝහලේ ඉන්න, අපේ  අයිය කෙනෙකුගේ අම්ම්මාව බලන්න. අම්මා.. සංසාරේ දුක මතක් වෙනවා ඒ වගේ තැනකට ගියාම. කාට උනත් ඒවගේ දෙයක් උනාම කර කියා ගන්න දෙයක් නැති වෙනවා. පවුලේ කෙනෙකුගෙනුත් හරි හමන් උපකාරයක් නැති උනොත් කොයි තරම් අසරණ වෙනවද? ඒ වෙලාවට පිහිටට ඉන්නෙ අපි පුලුවන් විදියට එකතු කරගත්තු මිනිස්සු ටිකක් විතරයි. 


අපෙ කැම්පස් එකේ අක්ක කෙනෙකුත්  නැති උනා මීට මාස 2කට කලින්. ඒත් පිළිකාවක් නිසා. අනේ මන්දා..මේක මට උත්තර නැති ප්‍රශ්නයක් හන්දයි මෙහෙම ලිව්වෙත්.  පුලුවන් විදියට නරක ආහාර  පුරුදු වලින් ඈත් වෙන්න. දැනුවත් කෙනෙක් ඉන්නවා නම් අපිට මේකට කරන්න පුලුවන් මොනවද කියලා  කමෙන්ට් එකක් හරි පොස්ට් එකක් හරි දාන්න.

3 comments:

හිස් අහස said...

මගේ නෑදෑයෝ දෙන්නෙක් මැරුනා පිලිකා නිසා ...ඇත්තටම මමනම් පිලිකා ගැන වැඩිය දන්නේ නෑ ..

diskediskad said...

මේකේ ඇත්ත නැත්ත නම් මම හරියට දන්නේ නෑ.ඒ උනාට පාවිච්චි කරල බැලුවට වරදක් වෙන එකක් නැ...කටුපිල කියල ඔෂධයක් ගැන තියෙන්නෙ.
http://www.lankafreezone.com/index.php?page=blog&op=&id=40&title=CANCER-CURE---KATUPILA----

Anonymous said...

@/2සඳරු,
ඔව් සඳරු. අපි පුලුවන් තරම් උතසාහ ගමු දැන් හරි මේ ගැන හොයා බලන්න.ස්තුතියි.

@/2මාලන්,
කටුපිල ගැන නම් මමත් කලින් අහලා තියනවා. තව සදා පුෂ්ප කියලා මල් ජාතියක් ගැනත් අහලා තියනවා. ඒත් ගොඩක් විස්තර දන්නෙ නැහැ.ගොඩාක් ස්තුතියි මාලන්. දක්වපු සහයෝගයට.

Post a Comment