RSS

Tuesday, February 22, 2011

පිටිකිරි වල තිත්ත පැත්ත.



මේ පොස්ට් එක බලන ඔබ  උදේට කිරි කෝප්පයක් බොන එක සාමාන්‍යයෙන් කරන දෙයක් වෙන්න ඇති. එක එක ජාතියේ කිරි තියනවානෙ එක එක නම් වලින්. එක එක ජාතිය එක එක රස වලින්. ගොඩක් වෙලාවට පොඩි කාලෙ හුරු උන රසට තමයි ජීවිත කාලෙටම අපි තැන දෙන්න.


ඒත් මේක පිටිපස්සෙ තියන්නෙ ටිකක් වෙනස් කතාවක්. 
ලංකාවට පිටි කරන ලද කිරි ගෙන්වන්නෙ බොහෝ විට ඕස්ට්‍රේලියාවෙන් හෝ නවසීලන්තයෙන්. මෙහෙම ගෙන්වන්නෙ කොටසක් ඒ රටවල නැවුම් විදියට විකුනන්න තියලා ඉතිරි වන ඒවා. තවත් කොටසක් ගොවිපලවල එළදෙනුන්ගෙන් දොවාගත් ඒවා. කොහොම වෙතත් මේ කිරි විසිර වියලනයක් තුල සෙල්සියස් අංශක 240ට රත් කරලා තමයි පිටි බවට පත් කරන්නෙ. එතකොට කිරි වාෂ්පයෙන් ජලය ඉවත්වෙලා පිටි ටික ඉතිරි වෙනවා. අපි හැමෝම දන්න විදියට මේ වෙන කොට ඒකෙ තිබුණු  පෝෂ්‍ය පදාර්ථ බොහෝමයක් මේ වෙනකොට නැතිවෙලා ඉවරයි.


ඒට පස්සෙ මේකට එක එක දේවල් එකතු කරනවා. විවිධ ප්‍රෝටීන වර්ග,විටමින ආදී වශයෙන්. හැබැයි මේ එකතු කරන දේවලුත් බොහෝ විට කෘතිමව සංශ්ලේශනය කරාපුවා.
සමහර විට  මේක කියවනකොට හිතේවි 'ඉතීන් අපි කිරි පිටි බීල වැඩක් නැහැනේ' කියල. ඇත්ත.. ගොඩක් වෙලාවට අපි මේක කරන්නෙ පුරුද්දට, නැත්නම් උත්තේජක පානයක් විදියට.


අපේ මේ පුරුද්ද හන්දා පිට රටවල් වලට අපේ රටින් ඇදිල යන විදේශ විනිමය ප්‍රමාණය වසරකට රුපියල් බිලියන 20 කට වැඩියි. 2007 දි පිටි කිරි මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනය කරලා තියනවා. හිතලා බලන්න අපි රට සංවර්ධනයට කෑ ගගහ  හිටියට, අපි තාමත් රටින් කිරි ගෙන්නන්න සතියකට විතර සැරයක් රුපියල් දෙතුන්සීයක් පිටරටවලට පටවනවා.


රටක් හදන්න ආණ්ඩුවට විතරක් ඇඟිල්ල දික් කරලාවැඩක් හැහැ. අපි හැමෝටම ඒ වෙනුවෙන් කරන්න දෙයක් තියනවා.
අඩුම වශයෙන් අපේ රටේ හදන දේවල් වත් මිල දීල අරගෙන..
අපේම රටේ හදන කිරිපිටි වර්ගයක් විදියට දැනට ගන්න තියන්නෙ 'හයිලන්ඩ්' විතරයි. ඒක දිය වෙන ගතිය ටිකක් අඩුයි ඒකට හේතුව දියවෙන්න දාන රසායනික ද්‍රව්‍ය නොදාන හන්දා. අනෙක් හැම එකකටම දාන ජාති හොයලා බැලුවොත් අපිට බොන්න හිතෙන්නෙ නෑ.


අනිත් කාරණාව තමයි ගොඩක් කොම්පැණි අපිට ආදරේට කිරි පොවනවා නෙවෙයි, ඒ අය නිශ්පාදන වියදමෙන් 60%ක් විතර වැය කරන්නෙ ප්‍රචාරණ කටයුතුවලට, තින් අපෙ 'නුවණක්කාර අය', 'අම්මාගේ පෝෂණය දෙන්න කැමති අය', 'දෙනුන්ගෙන් දොවාගත් නැවුම් එළකිරි' දෙන්න කැමති අය අත දිග ඇරලා දෙන්නෙ මේ බව දැන්ගෙන නෙවෙයි වෙන්න ඇති.



පුලුවන් නම් නැවුම් එළකිරි බොන්න, ඒක ගොඩාක් වටිනවා. නැති නම් කැඳ වර්ගයක් හරි, වෙනත් ඖෂදධීය පානයක් හරි බොන්න තියනවා නම් ඒක ගොඩාක් හොඳයි. ඔය වැඩකට නැති පාන වර්ග තවත් ලෙඩත් එක්ක අපේ ඇඟ ඇතුලට දාගන්නවට වඩා. දිය වැඩියා රෝග තත්ව වලත් ප්‍රධාන හේතුවක් තමයි අධික විදියට පිටි කිරි භාවිතය.

මට මේක ලියන්න හිතුනේ මගේම ගජයෙක් අසනීප හන්දා කිරි පිටි එකක් ගෙනැවිත් බොන හන්දයි. 
ඉතින් හැමෝගෙන්ම ඉල්ලනවා මේ පුංචි කාරණාව ගැනත් පොඩ්ඩක් අවධානයෙන් හිතලා බලන හැටියට.




ප.ලි. පාස්චරිත කිරි තමයි වෙළඳපලේ ගන්න තියන වැඩිම පෝෂණයෙන් යුත් කිරි වෙන්නේ.

11 comments:

Anonymous said...

චන්දික, නියම ලිපියක්, මම දවසක් අහගෙන ටී.වී එකේ ආරියශීල වික්‍රමනායක කියනව ඔය කිරි පිටි කරන්න කලින් එවයෙ තියන කිරි මේද සේරම බටර්, චීස් හදන්න පාවිච්චි කරල ඉතුරුවෙන රොඩ්ඩට විවිධ රස කාරක, සැනකින් දියවෙන දේවල් දාල තමයි ලංකාව වගේ තවත් රටවල් වලට එවන්නෙ කියල.

ගොඩක් ස්තූතියි මෙහෙම ලිපියක් ලිව්වට !

kumaraya said...

අපි නම් කිරි බොන්න පුරුදු වෙලා නෑ... ප්ලේන්ටි හොඳයිනෙ.
දැන්නම් ඒක බොන්නෙත් සීනි නොදා ...
එහෙම කළා කියල අපිට ඇති හානියකුත් නෑ.
හැමෝම පුරුදු වුනා නම් හොඳයි කියල හිතනවා.

miuranga said...

නියමෙට ලියල තියනවා දිගටම මෙහෙම ලියපං

කමෙන්ට් දාද්දි තියන වරඩ් වෙරිෆිකේෂන් අයින් කරපං

sankalpana.info said...

ගොඩක් හොඳ ලිපියක්. තවත් දෙයක් තමා මේවට කල් ඉකුත්වීම වැලැක්වීමේ ද්‍රව්‍ය දැම්මම ඒවා අපේ ජීව්තේත් අපට නොදැනීම කොට කරනවා ඇති...

මේවා ගොඩක් දෙන්නේ පොඩි දරුවන්ටනේ.... මමත් උදේට කිරි බොන එක නැවැත්තුවා දැන් අවුරුදු 3ක් විතර ඉදන්....

Unknown said...

ela ela machan keep it up...

LANKA MIX said...

කතාව ඇත්ත මටත් එපා උනා කිරි බොන1......

DISHAN said...

THANK YOU SAHOO

චන්දික ගුණතිලක said...

2 නවම්,
ස්තුතියි නවම්.ඔයා කියන කතාව ඇත්ත්. ඒ ගැන හොයල බලන්න සයිට් එහෙමත් ඕනැ තරම් තියනවා.වැඩේ තියන්නෙ අපෙ මිනිස්සු මේක දැනගෙනත් ඒකටම ඇබ්බැහි වෙලා ඉන්න එකනෙ.

2 kumaraya,
ඒක තමයි අපෙ අරමුණ වෙන්න ඕනා. කොහොම හරි මේ මිත්‍යාවෙන් අපෙ මිනිස්සුන්ව ගලවගන්න එක. ඒ ගැන තේරුම් කරල දීල.

2yasith,
ස්තුතියි බෝලෙ. මට උඹ කියපු එකගැන හරියට තේරුමක් නෑ. හම්බ උන වෙලාවක අහගන්නම්.

චන්දික ගුණතිලක said...

2 asitha,
thank you dear.

2sankalpana.info
ස්තුතියි. ඔය කියන විදියට අනේක රසකාරක, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය එහෙමත් දානවා. ඔය ආහාර ඇසුරුම් වල 'E' අංක වලින් දක්වන්නේ ඒවා. නමුත් ඒ දේවලුත් පොඩ්ඩක්වත් හොඳ දේවල් නම් නෙවෙයි.
ලෙඩ රෝග උනත් එමටයි.
ආ.. මතකනේ පහුගිය කාලෙ තිබුන මෙලමයින් භීතිකාව.

2LANKA MIX,
මට ගොඩක්ම සතුටුයි. මොකද මම මේක ලියනකොටම හිතට ආපු දෙයක් තමයි අඩුමගානෙ මේක බලන එක්කෙනෙක් හරි කිරි බොන එක නවතාවි කියන එක.

චන්දික ගුණතිලක said...

2 kg,
thank you too.If you got something, thats the success of my hope.

සෝරෝ said...

ගොඩක් වටින ලිපියක්... හිතන්න දෙයක් දීලා උඹ..

ජය වේවා...!!


ප.ලි - කොමෙන්ට් වෙරිෆිකේෂන් එක අයින් ​කරපං මචෝ පුළුවන් නම්...

Post a Comment