RSS

Monday, March 15, 2010

අපි කන්නෙ වස කියලා හරියටම දන්නෙ කීදෙනාද?

ගොඩාක් වෙලාවට පරිගණක මෙවලම් එක්ක ඉන්න ගොඩාක් අය තමන්ගේ කෑමබීම කොහොමද හැදෙන්නෙ කියල දන්නෙ නහැ.
 මම මේ කියන්න යන්නෙ රසායනික වල්නාශක, පලිබෝධනාශක,වගේම රසායනික පොහොර පාවිච්චි කරන්නෙ නැතිව ස්වභාවික දේවල් විතරක් පාවිච්චි කරලා හදන බෝග ගැන සහ, අපි කෑමට ගන්න එලවලු පලතුරු වර්ග කොයි තරම් අපේ ඇඟට අහිතකරද කියන එක ගැනයි.

       අපි දිනපතා ගන්න ආහාර(එලවලු වර්ග) ගොඩාක් වෙලාවට පොලෙන්, එහෙම නැත්නම් සුපර් මාකට් එකෙන් තමයි ගන්නෙ. ඒත් ඒවා වගා කරනකොට වගේම කල්තබාගැනේමේදීත් නොයෙක් රසායන ද්‍රව්‍ය එකතුකරන බව බොහෝ දෙනා නොදන්නා කාරණයක්
මේකෙ තියෙන බරපතලම කාරනය තමයි මේ එකතු කරන රසායන ද්‍රව්‍ය ඉතාම ඉක්මනින් අපිව ලෙඩ කරන්න සමත්.
ඒවගේම එලවලු වර්ග වගාකරන කොට යොදන කෘමිනාශක වල තියන බැර ලෝහ වගේම ඉතාම දරුණු පිලිකාකාරක සංයෝගත් අපි ගන්න එලවලු වල අඩංගු වෙනවා.
සමහරු හිතනවා ඇති මේ දේවල් නිකංම හිතිලා බ්ලොග් එකක දානව කියලා.
නැහැ. අද සෞඛ්‍ය අමාත්‍යංශයේ  වාර්තාවල බලන්න මොකද වෙලාතියන්නෙ කියලා. අලුතින් උපදින දරුවො නම නොදන්න ලෙඩ ගොඩක් උරුම කරගෙනයි උපදින්නෙ. මේව වගා දිස්ත්‍රික්ක වල අතිශය ඉහල අගයක් ගන්නවා.
1960 ගනන්  වලට වඩා අද බෝග නිශ්පාදීතාව වැඩියි තමයි හරිත විප්ලවයට පින් සිද්ධ වෙන්න. නමුත් ඒකෙ අතුරු ප්‍රථිපල අදත් අපි භුක්ති විඳිනවා. අද අපිට හැම දේටම  ආනයනික පොහොර දාලම වවන්න වෙලා තියෙනවා. ඒත්  ඇත්තටම අපි කන්න ගන්නෙ  රසායනික ද්‍රව්‍ය ඉහවහාගිය කෑමක්.කල් තියගන්න කියලා වස
ගහපු කෑමක්.

තව ගොඩාක් දේවල් කියන්න තියෙන්වා. ඒටික  වෙන දවසක ලියලා තියනම්.

No comments:

Post a Comment