RSS

Friday, March 26, 2010

මොකක්ද මේ කාබනික ගොවිතැන

කාබනික ගොවිතැන කියලා කියන්නෙ කිසිම රසායනික පොහොරක් හෝ කෘතිම වල් නාශක හෝ කෘමි නාශක භාවිතා නොකර කරන ගොවිතැනටයි.
අපි වර්තමානයේ කරන ගොවිතැන නිසා කොයි තරම් අකරතැබ්බ වලට මුහුන පාන්න වෙනවාද කියල මම කලින් ලිපියෙ සඳහන් කලා.
දැනට මේ ආකාරයට වගා කරන බෝග වර්ග වලට ලෝක වෙලඳපලේ ඉතාම ඉහල ඉල්ලුමක් තියෙනවා. ලංකාවෙත් දැනට හෙක්ටයාර 22000 ක මේ ආකාරයට  වගා කිරීම සිදු කරනවා.දැනට කෙරන හැම නිශ්පාදනයක්ම අපනයනය මුල් කරගෙන තමයි සැකසිලා තියන්නෙ.
කාබනික නිශ්පාදනයක් අපි ලේබල් කරන්න නම් අපි ඒක සුපිරිසිඳු  කාබනිකද කියලා දැනගන්න ඕනෙ. අපි ඒවා අපනයනය කරනවානම් සහතිකයක් ඕනෙ කරනවා. උදාහරනයක් විදියට අපි යුරෝපයට අපනයනය කරනවානම් අපිට යුරොපා සහතික කරනය ඕනෙ(European certification). ඇමරිකවට අපනයනය කරනවානම්  USDA organic කියන සහතිකය අවශ්‍යයි. 


                             ඉතින් ඔබත් පුලුවන් නම් කාබනික නිශ්පාදන දිරි ගන්වන්න. ඒක එක අතකින් ලොකු පිනක්. අපි කෙනෙකුට වස විස නැති කෑම දෙනවා කියන්නෙ ඇත්තටම ලොකු පිනක්. ඒත් එක්කම පුලුවන් තරම් රසායනික ද්‍රව්‍ය යොදපු කෑම අත්හරින්න. දවසක් හරි නිරෝගීව ජීවත් වෙන්න පුලුවන් වේවි.
 

3 comments:

Anonymous said...

ඔය කාබනික කෑම මාර ගණන්නෙ.

චන්දික ගුණතිලක said...

ඇත්තටම ටිකක් ගනන් තමයි. ඒත් අපි බලන්නෙ පුලුවන් තරම්මේකව්‍යාප්ත කරලා හැමෝටම වස නැති කෑම දෙන්නයි.

Unknown said...

දැනට ලංකාවේ කවුද මේ කාබනික සහතිකය දෙන්නේ

Post a Comment