RSS

Friday, August 13, 2010

මෙලොවදීත් පරලොවදීත් සතුටු විය හැකි දුලබ ගණයේ පිංකමක්.


මේ පිංකම් ආද කාලේ ඉතා විරලව අහන්න ලබෙන ආකාරයේ එකක්. හොරණ- තලගල මංගලාරමය මූලිකවී සිදු කරන මෙය නම් වෙන්නෙ 'ගිරි භණ්ඩ'පූජාව නමිනුයි. ප්‍රධානත්වය ගෙන කටයුතු කරන්නෙ තලගල සුමනරතන නායක හිමිපාණන්. කන්දක් උසට පිරිකර පිලියෙල කර පූජා කිරීම මෙමගින් අදහස් කරනවා.
අනුරාධපුර යුගයේදී මහාදාඨික මහානාග රජතුමන් මුල් වරට මෙය සිදුකර ඇතිබව  මහාවංශය්  සඳහන් කරනවා. මංගලාරාමය මගින් මෙවර මේ පිංකම සිදු කරන්නෙ තුන්වන වරටයි.ඒ අම්පාර දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 150ක් මුල් කරගෙනයි.
එක් විහාරස්ථානයකට අවශ්‍යය සෑම ආකාරයකම පිරිකරවල් මෙහිදී පූජාකෙරෙනවා.එක් පන්සලකට පූජාකෙරෙන සියලු පිරිකරවල මුලු වටිනාකම රුපියල් 40,000කටත් වැඩියි.
ත්‍රස්තවාදී යුද සමයේ ඒ පලාතේ විනාශ වී ගිය පංසල් වගේම දිවි හිමියෙන් තම විහාරස්ථාන රැකගෙන හිටපු අපේම  බුද්ධ පුත්‍රයන් වහන්සේලාට උපහාර කිරීමට මෙය ඉතාවටිනා අවස්ඨාවක්.
පලාත් වල සමහර පන්සල් වල දන්වලඳන ආම්පන්නවත් හරියට නැහැ. සමහර හාමුදුරුවරුන්ට දෙවේලට දානෙ වේලවත් හරියට ලැබෙන්නෙ නැහැ.
ඉතින් ඔබටත් පුලුවන් මංගලාරාම දායක සභාවත් එක්ක මේ මහා පින්කමට දායක වෙන්න. පුලුවන් තරමින් පුංචි දෙයක් හරි පූජා කරලා. පොතක් පෑනක්, කුඩයක්,එහෙමත් නැති නම් පන්සලකට අවශ්‍ය ඕනැම දෙයක් පූජා කරන්න පුලුවන්. ඒක, ඔබ මැරෙන කල් සතුටු වෙන්න පුලුවන් පිංකමක්  වෙවි.
ආමිශ පූජා අතර ඉහලම තැනක් ගන්න මේ පිංකම සිදු කරන්න ඔබටතලගල මංගලාරාමය වෙබ් අඩවියෙන්, හරි පහත දුරකතන වලට කතා කරල පුලුවන් වෙවි.
034-2254334
0343449220
තෙරුවන් සරණයි

2 comments:

ඉලංදාරියා said...

මේ පිලිබදව දැනුවත් කලාට ඔබට පිං...

චන්දික ගුණතිලක said...

ඔබටත් පුලුවන් නම් තවත් අය මේ පිලිබඳව දැනුවත් කරන්න ඒක ඒ අයටත් කරන උපකාරයක් වෙවි.

Post a Comment