RSS

Monday, August 16, 2010

තනි තරුව..

වස්සන සිහිනයේ- සිහිලැල්ම ඉසව්වේ
සිත් යායෙ ඇදී ඒ - ලෙංගතුම මිතුදමේ
කඳුලද සිනාවද - කැටිව ගිය ජීවිතේ
සිහිනයක් නොවෙද - නුඹමගේ සිහිනයේ

ජීවිතය ලෙංගතුයි- ගීතයක් තරමටම
පෙනෙයි නම් නෙත් කොනේ - මුඹේ ඒ තරු දෑස
සිහිනයම පිවිතුරුයි - නිල් අහස පුරාවට
සුලඟෙ එයි නම් - සිනාවේ මල් පොකුරු

නිල් අහස තරමටම - පැතුම් පොදි අතුරලා
මහ සයුර තරම් වූ - සිහින පෙල ගොලුවෙලා
සැනසුමද සුසුමක්ද - හද තුලින් මතු වෙලා
නුඹ වේද තනි තරුව - සිත් අහසෙ දිදුලනා

මුලින්ම කියන්න ඔනෙ මේක මම ලියපු එකක් නම් නෙවෙයි. 'නිමාශා' කියලා මගේ මිතුරියක් බ්ලොග් එකට දාන්න කියලා දුන්න නිසඳැසක්. කමෙන්ට් තියනවානම් දාන්න ඒක එයාට වැදගත් වේවි.

No comments:

Post a Comment