RSS

Friday, January 28, 2011

අවුරුදු තුනෙන් පූදින පොල් පැලයක් අපේ ගෙදරත් හිටවා ගමුද?

දැන් ලංකාවෙ තියන පොල් අර්බුදය ගැන කස්ටියට අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ. මේකට අපිටත් දෙන්න පුලුවන් පොඩි විසඳුමක් ගැනයි මේ කියන්න යන්නෙ.
දැනට ශ්‍රී ලංකා පොල්පර්යෙෂණ ආයතනය හඳුන්වාදුන් කෙටිකලීනව පලදරන ප්‍රභේද කීපයක් තියනවා. එකක් තමයි CRI C-65, තව එකක් තමයි CRI C-60. මේ ප්‍රභේද දෙකම අවුරුදු තුනෙන් පූදිනවා. මේ අතරින්
 CRI C-65 ගෙවත්තකට වඩාත් සුදුසුයි.  මේ කියන ප්‍රභේද රජයේ අනුමැතිය ලත් බීජ අලෙවි කරන මධ්‍යස්ථානයකින් හරි එහෙම නැත්නම් කොළඹ ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ තියන පොල් අලෙවි මණ්ඩලයෙන් හරි එහෙමත් නැත්නම් පොල් පැල විකුණන්න තියන ඕනැම තැනකින් ගන්න පුලුවන්. තවත් අලුත්ම ප්‍රභේදයක් තමයි 'කප් රුවණ' කියන්නෙ. මේක නම් ගන්න පුලුවන් ලුණුවිල පොල්පර්යෙෂණ ආයතනයේ අලෙවි අංශයෙන් විතරයි.
 ගන්න ගියාම මතක ඇතුව බලන්න ඕනෙ පොල් පර්යේෂණ මණ්ඩලය මගින් සහතික කරපු කොල පාට ලේබලය තියනවාද කියන එක. ඒත් එක්කම සාමන්‍යයෙන් පොලිතීන් ඇසුරුමේ CRI කියලා මුද්‍රණය කරල තියනවා.


අනිත් කාරනේ තමයි හිටවන්න ගියාම අඩි 4*4*4 වලක් කපන්න ඕන. අඩියට අඩි 1.5-2 විතර උසට පොල් ලෙලි දාන්න. තව අඩියක් විතර උසට පොහොර පස් හරි කොම්පොස්ට් මිශ්‍රණයක් හරි දාන්න. ඊට පස්සෙ පැලය හිටවලා නිර්දේශ විදියට පොහොර දාන්න පුලුවන්.


මේකට අවශ්‍ය විස්තර පැලය මිලදීලා ගන්නකොට පත්‍රිකාවකින් ගන්න පුලුවන්. පැලයක සාමන්‍ය මිල රුපියල් 150ක් විතර වෙනවා. ඉතින් මේ පොල් ගෙඩි 3ක වියදමනේ.


පොල් පැලයක් හිටවා ගන්න දැන් උනත් පරක්කු නැහැ. අඩි 10*10 විතර ඉඩකඩක් හොයා ගන්න පුලුවනි නම් පැලයක් හිටවන්න ටිකක් ප්‍රමාණවත්.
 එහෙනම් කප් රුකක් හිටවාගෙන ගෙවත්තත් ටිකක් ලස්සන කර ගමුද?



4 comments:

kumaraya said...

කොල්ලො ... මම ඔය ජාතියෙ .. ඔය කියපු ඩෙන්සිල් කොබ්බෙ මාවතේ පොල් ආයතනයෙන් පැළයක් ගෙනත් නියම ක්‍රමයට හිටවලා අවුරුදු 5 කටත් වැඩියි.
නියම ක්‍රමයට පොහොරත් දැම්මා.... ගහත් දැන් යට කෑල්ල බදන්ට බැරි තරම් ලොකුයි.
ඒ වුනාට කෝ බොලේ පොල් ...
තවම නෑනෙ...

චන්දික ගුණතිලක said...

@kumaraya,
ඒක වෙන්න පුලුවන් දෙයක්. අපි එකම ප්‍රභේදයෙ උසස් පැල ගෙනාවත්, බොහෝම කලාතුරකින් එකක් ඒ ගතිගුණ නොපෙන්වන්න පුලුවන්. ඒත් බහුතරයකට එහෙම වෙන්නෙ නැහැ. සමහරවිට ප්‍රදේශයේ පසේ තත්වයත් බලපානවා. පලිබෝධ හානිත් බලපානවා.අනිත් ප්‍රධානම කාරණේ තමයි ඉර එලිය හරියට වැටෙනවාද කියන එක.මෙන්න මේවා ගැනත් සැලකිලිමත් වෙන්න ඕනා.

Sasika Nanayakkara said...

පොහොර යෙදිය යුතු ක්‍රමය ගැන පොඩ්ඩක් දානවද.?මමත් පැලයක් හිටෙව්වා දැනට අවු2ක් විතර වෙනවා එත් තාම තිබුන විදියමයි.පැලේ උස ගිහින්වත් නැහැ.කිව්වේ අවු3 ගෙඩි එනවා කියලා.

හරී said...

kumarayage kathawa hariyata hari...ape gedarath meeta awurudu 6kata withara kalin ekak hitewwa thama kola witharay....

Post a Comment