RSS

Tuesday, September 20, 2011

අලුත් ආරක්ෂාව

මටද බ්ලොගයක් තිබේ! එහි ලියන්නටද දේවල් තිබේ. ඒ නිසා කෙසේ හෝ ලිවිය යුතුය.. ඔන්න ඔය දේවල් මතක් උනා මට මේ දවස් ටිකේම.
 අවසාන පර්යේෂණයත් ඉවර කරලා විශ්ව විද්‍යාලයට ආවෙ පෙරේදා. වෙනසක් නෑ බදුල්ල ඒ වගේමයි. වැඩිපුරත් එක්ක සීතලයි. ඒ අතරෙ ආරංචියක් ලැබුණා 'විශ්ව විද්‍යාල ආරක්ෂාව වෙනම පෞද්ගලික ආයතනයකට පවරන බව'. හරි වැරැද්ද කෙසේ වෙතත් මේ නිසා අසරණ වෙන පිරිසකුත් ඉන්නව ඇත්තටම.
දැනට විශ්ව විද්‍යාල වල ආරෂක කටයුත් කෙරෙන්නේ පෞද්ගලික සමාගම් කීපයක් මගින්. ආරක්ෂාව කිව්වාම වැඩි හරියක් කරන්න තියන්නේ තියෙන බඩු බාහිරාදිය හරියට තියෙනවාද, අවසලත් අය පමණක් අදාල තැන් වලට ඇතුලු වෙනවද කියලා බලන එකයි. 
ඊට වඩා දේවල් කලත්, අපිට නම් ගොඩක් වෙලාවට පේන්නෙ ඒව තමයි. ඊට අමතරව අපේ 'සමහර' ගැහැනු අයට කේලම් කීමේ රාජකාරියත් පැවරිලා තිබුණා මීට කාලයකට කලින්.
කොහොම වෙතත්, සියලු දේවල් එකම තැනකට පවරාගෙන, මේ කරන්න යන්නෙ මොකක්ද කියලා දැන්ම තේරෙන එකක් නෑ. කැම්පස් එකකට ඇත්තටම හමුදාවක් ඕනෙ වෙන්නෙ නෑ. එතනට එන්නෙ යමක් හිතලා කරන්න පුලුවන් බුද්ධිමත් පිරිසක් මිසක් ත්‍රස්තවාදියො ටිකක් නෙවෙයි.
අනාගතයේදි මොනවා වෙයිද කියලා හරියටම අනාවැකි කියන්න බැරි උනත්, ලොකු ගැටුම් නිර්මාණය වීමේ වැඩි ඉඩ කඩක් තියනවා. මොකද අපිව කවුරුවත් බලෙන් පාලනය කරන්න එනවට අපි කිසි කෙනෙක් කැමති නැහැ.මේ වෙනකල් නම් ආරක්ෂක අංශය නිසා විශ්වවිද්‍යාල තුල ගැටුම් නිර්මාණය වෙලා නැහැ. ඒක නිසා අනාගතයේදී විශ්වවිද්‍යාල ශිෂ්‍යයා කියන මිනිහා නටපන් පුතා කියනකොට නටන, වැඳපන් පුතා කියනකොට වඳින කෙනෙක් වෙයිද කියලත් සැකයි මේ යන විදියට. මොකද බහුතරයක් රාජ්‍ය ආයතන දේශපාලනීකරණය වෙලා. ලොකු පුටුවලට පන්දම් කාරයෝ ගිහිල්ලා. 
මේ කාරණාව නිසා කලින් ආරක්ෂක සේවයේ හිටපු අයට එතනින් ඉවත් වෙන්න සිතු වෙනවා. එතකොට ඒ අයගේ පවුල් වල අයට මොකද වෙන්නෙ. මම දන්න පවුල් කීපයක්ම මේ රැකියාවෙන්ම යැපෙනවා. දැනගන්න ලැබුණු විදියට ඒ අයට වෙනත් තැනක රැකියා මේ වෙනකොටත් නෑ.

 මේක කොයි විදියට සිදු වේවිද කියලා දැන්ම අනුමාන කරන්න බැහැ. නමුත් ලබන මාසෙ පලමු වෙනිදා ඉඳලා අලුත් අය එනවා. 


බලමු අලුත් වෙනසක් වේවිද කියලා. මොකද අපි මේ ආශ්චර්යය කරා යන ගමනක් නෙ.

                                        

6 comments:

මයියා ( Mayya) said...

ගනන් ගන්න ඒපා මලයෝ..උබලගේ ම ආරක්ෂාව වැඩි කරන්න නේ...;)

නදී said...

ඒකත් එහෙමද?

චන්දික ගුණතිලක said...

මයියාට,
අපේ ආරක්ෂාව මේ තරම් කාලයකට ඕනෙවට වඩා වැඩි උනේ නෑ.

නදීට,
ඔව් අක්කේ, අපිත් උපේක්ශාවෙන් බලන් ඉමු.

Jeewan said...

අප්පට සිරි... ඒකත් එහෙමද​??

Amila Chathuranga said...

නැහැ මෙතන තියෙන්නෙ ප්‍රොෆිට් සම්බන්ධ ප්‍රශ්ණයක්..දැනට වෙනත් පුද්ගලික ආරක්ෂක සේවා වෙත යන විශාල කුට්ටිය ඩැහැගන්න ගෝඨාභය මහතා ගේ පූර්ණ දායකත්වයෙන් යුතු රක්නා ආරක්ෂක අංශය යොදාගන්නව..මම අහපු විදියට මේක දැනට තියෙන ආරක්ෂක සේවාවට වඩා තුන්ගුනයක මිල අධික එකක්..අයි ටී එන් ටෙලිකොම්,,රූපවාහිනි,,,කස්ටම් වාගෙ තැන්වලත් දැන් ඉන්න පුද්ගලික ආරක්ෂක සේවය රක්නා ලංකා....
මේ වගේ දෙයකදි ටෙන්ඩර් පටිපාටියට අනුව ක්‍රියා කල යුතු වුවත් අදාල රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන එසේ කර නැහැ...
මෙතනදි සමාගම ගන්නා අධික මුදල එහි වැඩකරන සිකුරිටිට යන්නෙ නෑ...සාමාන්‍ය සෙකුරිටි සර්විස් එකක තියෙන වැඩ ක්‍රමේටම සහ ඊටත් වැඩිය තදින් මෙහි නීති තිබෙනව..
පොඩ්ඩක් අනික් සෙකුරිටි වලට වඩා ගානක් ලැබුනට..ඒක හරි සුලු වැඩිවීමක් විතරයි...
වැඩකරන අය හිතන් ඉන්නව හැමදාම අද හෙට ම පඩිය වැඩි වෙයි කියල...ඒත් ඒක හීනයක් විතරයි..
ඔයාල කැම්පස් ඔයාල ඔයාලගෙ පාට් එක විතරයි හිතන්නෙ..ඒ ප්‍රශ්ණවල තියෙන සම්පූර්ණ පැතිකඩයන් නිරාවරණය කරගන්න මේ සිසුන් උත්සාහ ගන්න ඕනි...

චන්දික ගුණතිලක said...

ජීවන් ට,
මොනව වෙයිද කියල හිතා ගන්න අමාරුයි අයියේ. රන්ජිත් අංකල්ටත් වෙන තැනක් හොයා ගන්න වෙයි. අපේ හිටපු සිකයියලාට තාමත් වෙන තැනක් සෙට් වෙලා නැතිලු.


indiට,
මම නොකියා කියපු දේවල් ගොඩක් මේ කමෙන්ට් එකේ ඔයා ලියලා තියනවා. ගොඩාක් ස්තුතියි. ලියලා තියෙන දේවල් හරියටම හරි.ඇත්තටම මම හැදුවෙත් මේකෙන් රැකියා නැතිවෙන මිනිස්සුන්ගෙ පැත්ත නිරාවරණය කරන්නයි. කීප දෙනෙකුගේ වින්දනයට දහස් ගනනක් දුක් විඳින බව ගොඩක් අයට තේරුනත්, බලන් ඉන්නවා ඇරෙන්න වෙන මොනවත් කරන්නේ නැහැ.
උපදෙස් වලටත් ගොඩක් ස්තුතියි.

Post a Comment