RSS

Monday, September 26, 2011

වලස් ගොවිපල

ගිය සතියෙ පුස්තකාලයට  ගිය වෙලාවෙ සමුදුර පත්තරේ (මට මතක හැටියට) තිබුන විශේෂාංගයක් ගැනයි ලියන්න යන්නේ.
අපි සත්ව ගොවිපලවල් කියලා සමාන්‍යයෙන් සලකන්නේ කුකුල්, හරක්, ඌරු,එලු, එහෙමත් නැති නම් මසට හදන වෙනත් පක්ෂීන්(poultry species) සඳහා වෙන්වූ තැනක්.
ඒත් මේ කියන්න යන්නේ ඊටවඩා ගොඩාක් වෙන්ස් ගොවිපලක් ගැන. මේක 'වලස් ගොවිපලක්'.
තිරිසන් මිනිසුන් වෙනුවෙන්...
කූඩුවක ජීවිතය ගෙවන වලසෙක්.
 වලස් ගොවිපලවල් චීනය, වියට්නාමය සහ කොරියාව කියන රට වල පිහිටුවලා තියනවා. දැනට තියෙන සංඛ්‍යා ලේඛන වල හැටියට අඩුම තරමේ වලසුන් 12000ක් වත් ගොවිපල වල ඇති කරනවා.
අපි දන්න තරමින් වලහා කියන්නේ වනගත,ටිකක් දරුණු සතෙක්.ඒත් මොකටද මේ සතාව ඇති කරන්නෙ? මසටද?
නෑ. මෙයාගේ පිත්තාශයෙන් ස්‍රාවයවන පිත ලබා ගන්න.
මේ පිත, නිධන්ගත රෝග නිවාරණයටත්, විවිධ රූපලාවණ්‍ය කටයුතු සඳහාත් යොදාගන්නවාලු. නවීන විද්‍යාවේ පිහිටෙන් මේ  වෙනුවට යොදාගන්න පුලුවන් වෙනත් වැඩිදියුණු කරන ලද ඖෂධ නිපදවලා තිබුණත්, ලෝකය පුරා විහිදිලා ඉන්න අකාරුණික මිනිස්සුන්ගේ ආශාවන් සන්සිඳුවන්න තාමත් මේ සතාගෙන් පිත් ස්‍රාවය කරගන්නවා.
 ඇමරිකානු සහ ආසියාතික කලු වලසුන්,sloth සහ spectacled වලසුන් මෙන්ම හිම වලසුන් ද මේ සඳහා යොදා ගන්නවා.
මේකෙ අකාරුණිකම පැත්ත මේකයි. මේ සඳහා කූඩු කර සිටින වලසෙකුගෙන් දවසකට කීප පාරක්ම පිත් ස්‍රාවය එකතු කරගනු ලබනවා. ඒක පහසු කරගන්න සතාගේ උදරය බාහිරයට නිරාවරණය වෙන විදියට නාලයක් හෝ විවෘත කැපුමක් යොදලා තියනවා.
ඉතින් අපි දන්නව ඒ විදියට බාහිරයට ශරීර අභ්‍යන්තරය නිරාවරණය වෙනවා කියන්නෙ ආසදනය වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. පිත් ස්‍රාවයට යොදාගන්නා වලසුන් සෑම විටකම වගේ උදරාබාධ වලින් පීඩා විඳිනවාලු.
පිත් ස්‍රාවයට යොදාගත් වලසුන් සහ වලස් ගොවිපලක්


ඒ පීඩණය කොයි තරම්ද කියනවා නම් උගේ ඊලඟ උත්සාහය තමයි මිය යන තුරු ම උදරයට පහර දීම. මේක නවත්ත ගන්න ගොවිපල පාලකයන් කරන්නේ අතපය දික් කරන්න බැරි ඉතාමත් කුඩා කූඩුවක සිර කිරීමයි.
මේ කුරිරු වද බන්ධන ගැන අනාවරණය උනේ එක්තරා වලසුන් ඇති කරනා සමාගමක් කොටස් වෙලඳපලට පිවිසෙන්න දරපු උත්සාහයකදී කියලා ඒ ලිපියේ තිබුනා. ඊට පස්සෙ මමත් මේ ගැන විස්තර ටිකක් හොයලා තමයි මේ ලිපිය දාන්න හිතුවේ.


ඒකේ අන්තිමට පුංචි කතාවකුත් කියලා තිබුණා. මේ විදියට වලසුන් ඇති කරන ගොවිපලක වලස් අම්මා කෙනෙක්ට පුංචි පැටියෙක් ලැබිලා තියෙනවා. ඒත් අම්මටයි පැටියටයි ලං වෙන්න තරම් ඉඩක් නැහැනේ. කොහොම හරි පැටියව දැකපු අම්මා කූඩුවේදොර කඩාගෙන පැටියා ලඟට ගියාලු. පැටියව පපුවට තුරුලු කරගත්ත අම්මා එක ක්ෂණයකින් පැටියාගෙ බෙල්ල මිරිකලා මරලා දැම්මලු.

6 comments:

විසිතුරු | visituru said...

මම මේ ගැන පළමු වතාවට දැන ගත්තේ අද. මුදල්වලට ඇති ආශාව වෙනුවෙන් කොච්චර අමානුෂික දේවල් කරන්න මිනිස්සුන්ට පුළුවන්ද?

නදී said...

මමත් මේ දේ අදමයි ඇහුවේ ,එක අතකින් අර වලස් අම්ම හරි.දුක් විදවනවට වඩා හොදයි කියල හිතෙන්න ඇති මරලා දාන එක.සත්තුන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීහිටින සංවිදාන නම් එමට.පව් අහිංසක සත්තු.

සරත් ගුණතුංග said...

ඇත්ත වශයෙන්ම තිරිසනා කවුද?

ජීවිතේ මල් said...

:-(

රෙෂාන් Chathuranga said...

පවු

චන්දික ගුණතිලක said...

විසිතුරු,
ස්තුතියි,ඒක ඇත්ත. තවත් විස්තර ඕනෙ නම් මේවත් බලන්න.

http://advocacy.britannica.com/blog/advocacy/2007/09/bears-on-the-brink/
http://eloquentanimals.wordpress.com/2010/01/13/cruel-bear-farms/
http://www.all-creatures.org/articles/ar-human3.html

නදී,
ඔව් අක්කේ. සතෙකුට උනත් දරු දුක කියන එක හොඳටම දැනෙනවාලුනෙ.

සරත් ගුණතුංග,
මේවගේ මිනිස්සු ඇත්තටම තිරිසනුන්ටත් අන්තයි තමයි. ඒවගේම අනිත් මිනිස්සුත් දැනගන්න ඕනෙ මේකට උඩගෙඩි නොදී ඉන්න. මම කියන්නෙ මේ නිශ්පාදන දැඩි ලෙස හෙලා දැකලා.

ජීවිතේ මල්,
දුකයි තමයි. :-(

රෙෂාන් Chathuranga,
ඔව් රොෂාන්, ඒ සත්තු සිය දහස් වාරයක් මැරි මැරි උපදිනවා.

Post a Comment