Tuesday, August 17, 2010
තුප්පහි විදියට පදක්කම් ගැලවීම හා ලැජ්ජා නැති විදියට රෙද්ද අස්සේ දා ගැනීම
ඔබත් මමත් මේ වනවිට හොඳින් දන්නා පරිදි හිටපු යුද හමුදාපති තුමාගේ ජෙනරාල් ධූරය ඇතුලු සියලුම වරප්‍රසාද ද අවලංගු කර ඇත. රට වෙනුවෙන් මෙතරම් කැප කිරීම් කළ අයෙකුගේ විශ්‍රාම වැටුපත් ඔහුට අහිමි කිරීමට තරම් මිනිසුන් අධම වූවාද!
මට අසන්නට එක් කරුණක් ඇත. රට වෙනුවෙන් අවුරුදු 40ක් සෙවය කර, ත්‍රස්තවාදීන්ගෙන් රට බේරා ගැනීමට තම මැරිමැරී ඉපදුනු අයෙක් බන්ධනාගාරගත කිරීමටත්, පොලිස් නිලධාරීන් සිය ගණනක් හා හමුදා භටයන් දහස් ගණනක් මරන්නට අණ දුන් අයෙක් මන්ත්‍රීවරයෙක් කිරීමටත් රටේ පවතින්නේ කුමන නීතියක්ද යන්නයි.
මා දන්න ආකාරයට කල එකම වරද වූයේ ජනාධිපතිවරණයට තරඟ කිරීමයි.
මේවා මතක් වන විටත් පුදුමාකාර පිලිකුලක් හිතට නැගේ. කටු සූප්පු කරන්න්ට ඇබ්බැහි වූ නඩයක් සිටින නිසාවෙන් මෙන්ම රජයේ පස්ස ලෙවකන මාධ්‍යයන්ට මේවා නිවැරදි යැයි පට්ටා ගැසීම එතරම් අමාරු නොවේ. නමුත් මිනිසුන් ලෙස අපට සිතන්නට දෙයක් ඇත. එදා සියලු ජනී ජනයාගෙන් බුහුමන් ලැබූ අය අද හිරේය. එදා අපව මරන්නට මාන බැලූ උන් අද රජ ගෙදරය. ඒ මදිවාට යන්තමින් තමන්ට එරෙහි වූ අයට පන්න පන්නා පහර දෙයි.
දැනට අවුරුදු 5කට පමණ පෙර සූරියප්පෙරුමලා පවුලේ නාලිකාවලින් දෙඩූ ගල් පැලෙන තර්ක මතක් වන විටත් පිලිකුල්ය. මා අසන්නේ ඒ පහල වූ මහා ශ්‍රේෂ්ඨ නායකයා කරන්නේ මේවාද යන්නයි.
කෙසේ වෙතත් අප පවතින උත්තරීතර නීතියට ගරු කරන්නෙමු. ඒත් මීට වඩා හොඳ, යහපත් හෙටදිනකට සිහින් දකින්නෙමු. එක් අයෙකුගේ සුඛ විහරණය පතා තවත් මිනිසුන් බොහෝ දෙනෙකුගේ ජීවිත සමග සෙල්ලම් කිරීම නිහීන ක්‍රියාවක් බව ලියා තබමි.
මට අසන්නට එක් කරුණක් ඇත. රට වෙනුවෙන් අවුරුදු 40ක් සෙවය කර, ත්‍රස්තවාදීන්ගෙන් රට බේරා ගැනීමට තම මැරිමැරී ඉපදුනු අයෙක් බන්ධනාගාරගත කිරීමටත්, පොලිස් නිලධාරීන් සිය ගණනක් හා හමුදා භටයන් දහස් ගණනක් මරන්නට අණ දුන් අයෙක් මන්ත්‍රීවරයෙක් කිරීමටත් රටේ පවතින්නේ කුමන නීතියක්ද යන්නයි.
මා දන්න ආකාරයට කල එකම වරද වූයේ ජනාධිපතිවරණයට තරඟ කිරීමයි.
මේවා මතක් වන විටත් පුදුමාකාර පිලිකුලක් හිතට නැගේ. කටු සූප්පු කරන්න්ට ඇබ්බැහි වූ නඩයක් සිටින නිසාවෙන් මෙන්ම රජයේ පස්ස ලෙවකන මාධ්‍යයන්ට මේවා නිවැරදි යැයි පට්ටා ගැසීම එතරම් අමාරු නොවේ. නමුත් මිනිසුන් ලෙස අපට සිතන්නට දෙයක් ඇත. එදා සියලු ජනී ජනයාගෙන් බුහුමන් ලැබූ අය අද හිරේය. එදා අපව මරන්නට මාන බැලූ උන් අද රජ ගෙදරය. ඒ මදිවාට යන්තමින් තමන්ට එරෙහි වූ අයට පන්න පන්නා පහර දෙයි.
දැනට අවුරුදු 5කට පමණ පෙර සූරියප්පෙරුමලා පවුලේ නාලිකාවලින් දෙඩූ ගල් පැලෙන තර්ක මතක් වන විටත් පිලිකුල්ය. මා අසන්නේ ඒ පහල වූ මහා ශ්‍රේෂ්ඨ නායකයා කරන්නේ මේවාද යන්නයි.
කෙසේ වෙතත් අප පවතින උත්තරීතර නීතියට ගරු කරන්නෙමු. ඒත් මීට වඩා හොඳ, යහපත් හෙටදිනකට සිහින් දකින්නෙමු. එක් අයෙකුගේ සුඛ විහරණය පතා තවත් මිනිසුන් බොහෝ දෙනෙකුගේ ජීවිත සමග සෙල්ලම් කිරීම නිහීන ක්‍රියාවක් බව ලියා තබමි.
Monday, August 16, 2010
තනි තරුව..
වස්සන සිහිනයේ- සිහිලැල්ම ඉසව්වේ
සිත් යායෙ ඇදී ඒ - ලෙංගතුම මිතුදමේ
කඳුලද සිනාවද - කැටිව ගිය ජීවිතේ
සිහිනයක් නොවෙද - නුඹමගේ සිහිනයේ
ජීවිතය ලෙංගතුයි- ගීතයක් තරමටම
පෙනෙයි නම් නෙත් කොනේ - මුඹේ ඒ තරු දෑස
සිහිනයම පිවිතුරුයි - නිල් අහස පුරාවට
සුලඟෙ එයි නම් - සිනාවේ මල් පොකුරු
නිල් අහස තරමටම - පැතුම් පොදි අතුරලා
මහ සයුර තරම් වූ - සිහින පෙල ගොලුවෙලා
සැනසුමද සුසුමක්ද - හද තුලින් මතු වෙලා
නුඹ වේද තනි තරුව - සිත් අහසෙ දිදුලනා
මුලින්ම කියන්න ඔනෙ මේක මම ලියපු එකක් නම් නෙවෙයි. 'නිමාශා' කියලා මගේ මිතුරියක් බ්ලොග් එකට දාන්න කියලා දුන්න නිසඳැසක්. කමෙන්ට් තියනවානම් දාන්න ඒක එයාට වැදගත් වේවි.
සිත් යායෙ ඇදී ඒ - ලෙංගතුම මිතුදමේ
කඳුලද සිනාවද - කැටිව ගිය ජීවිතේ
සිහිනයක් නොවෙද - නුඹමගේ සිහිනයේ
ජීවිතය ලෙංගතුයි- ගීතයක් තරමටම
පෙනෙයි නම් නෙත් කොනේ - මුඹේ ඒ තරු දෑස
සිහිනයම පිවිතුරුයි - නිල් අහස පුරාවට
සුලඟෙ එයි නම් - සිනාවේ මල් පොකුරු
නිල් අහස තරමටම - පැතුම් පොදි අතුරලා
මහ සයුර තරම් වූ - සිහින පෙල ගොලුවෙලා
සැනසුමද සුසුමක්ද - හද තුලින් මතු වෙලා
නුඹ වේද තනි තරුව - සිත් අහසෙ දිදුලනා
මුලින්ම කියන්න ඔනෙ මේක මම ලියපු එකක් නම් නෙවෙයි. 'නිමාශා' කියලා මගේ මිතුරියක් බ්ලොග් එකට දාන්න කියලා දුන්න නිසඳැසක්. කමෙන්ට් තියනවානම් දාන්න ඒක එයාට වැදගත් වේවි.
Friday, August 13, 2010
මෙලොවදීත් පරලොවදීත් සතුටු විය හැකි දුලබ ගණයේ පිංකමක්.
මේ පිංකම් ආද කාලේ ඉතා විරලව අහන්න ලබෙන ආකාරයේ එකක්. හොරණ- තලගල මංගලාරමය මූලිකවී සිදු කරන මෙය නම් වෙන්නෙ 'ගිරි භණ්ඩ'පූජාව නමිනුයි. ප්‍රධානත්වය ගෙන කටයුතු කරන්නෙ තලගල සුමනරතන නායක හිමිපාණන්. කන්දක් උසට පිරිකර පිලියෙල කර පූජා කිරීම මෙමගින් අදහස් කරනවා.
අනුරාධපුර යුගයේදී මහාදාඨික මහානාග රජතුමන් මුල් වරට මෙය සිදුකර ඇතිබව මහාවංශය් සඳහන් කරනවා. මංගලාරාමය මගින් මෙවර මේ පිංකම සිදු කරන්නෙ තුන්වන වරටයි.ඒ අම්පාර දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 150ක් මුල් කරගෙනයි.
එක් විහාරස්ථානයකට අවශ්‍යය සෑම ආකාරයකම පිරිකරවල් මෙහිදී පූජාකෙරෙනවා.එක් පන්සලකට පූජාකෙරෙන සියලු පිරිකරවල මුලු වටිනාකම රුපියල් 40,000කටත් වැඩියි.
ත්‍රස්තවාදී යුද සමයේ ඒ පලාතේ විනාශ වී ගිය පංසල් වගේම දිවි හිමියෙන් තම විහාරස්ථාන රැකගෙන හිටපු අපේම බුද්ධ පුත්‍රයන් වහන්සේලාට උපහාර කිරීමට මෙය ඉතාවටිනා අවස්ඨාවක්.
ඒ පලාත් වල සමහර පන්සල් වල දන්වලඳන ආම්පන්නවත් හරියට නැහැ. සමහර හාමුදුරුවරුන්ට දෙවේලට දානෙ වේලවත් හරියට ලැබෙන්නෙ නැහැ.
ඉතින් ඔබටත් පුලුවන් මංගලාරාම දායක සභාවත් එක්ක මේ මහා පින්කමට දායක වෙන්න. පුලුවන් තරමින් පුංචි දෙයක් හරි පූජා කරලා. පොතක් පෑනක්, කුඩයක්,එහෙමත් නැති නම් පන්සලකට අවශ්‍යය ඕනැම දෙයක් පූජා කරන්න පුලුවන්. ඒක, ඔබ මැරෙන කල් සතුටු වෙන්න පුලුවන් පිංකමක් වෙවි.
ආමිශ පූජා අතර ඉහලම තැනක් ගන්න මේ පිංකම සිදු කරන්න ඔබටතලගල මංගලාරාමය වෙබ් අඩවියෙන්, හරි පහත දුරකතන වලට කතා කරල පුලුවන් වෙවි.
034-2254334
0343449220
තෙරුවන් සරණයි
Saturday, August 7, 2010
ඩෙංගු වලට හරියට බෙහෙතක් වදින්නෙ රජයේ ඇමති කෙනෙක් මැරුනොත් විතරද?
බොහොම ශෝක ජනක ආරංචියක් අහන්නට ලැබුන ගමන් මගේ හිතට ආපු සිතුවිල්ලයි ඒ. මම 7 වසරෙදී ගණන් ඉගෙනගත්තු 'දීපිකා' මිස් මිය ගිහිල්ලා.මරණයට හේතු වෙලා තිබුණෙ ඩෙංගු! ඇයට විතරක් නෙවෙයි කීදෙනෙක්ට නම් මේ වෙනකොට ඩෙංගු නිසා වද වෙන්න සිදු වෙලා තියෙනවද? සාමාන්‍ය ජනතාවට වගේම මධ්‍යම රජයටත් යම්කිසි වගකීම් ප්‍රමාණයක් මේ සඳහා ඉටු කරන්න තියෙනවා. ඔබටත්, මටත් ඩෙංගු වැලැක්වීමට යම් කිසි වූ වගකීම් ප්‍රමාණයක් පැවරිලා තියනවා.
ඒත් එක්කම මට මතක විදියට පහුගිය 3වෙනිදා ලංකාදීප පත්තරේ දාල තිබුනා 'බයො පවර්' කියන ආයතනය ලංකාවෙBTI බැක්ටීරියාව නිශ්පාදනය කලත් ඒ සඳහා මේ වනතුරුත් ඇනවුම් ලැබී නොමැති බව.
අපේ ආණ්ඩුවේ ඉන්න මිනිස්සුන්ගේ හැටි තේරුම් ගන්න මේට වඩා නොඳ අවස්ථාවක් තියෙනවද? පිටරටින් ගෙනල්ලා කඩා ගන්න කොමිස් කුට්ටිය ලංකාවෙ ආයතනයකින් ගත්තොත් කඩා ගන්න බැරි හන්දා වෙන්න ඔනෙ මේ විදිහෙ වැඩ කරන්නෙ.
ප්‍රමිතියත් හොඳනම්, වගකීමත් සහතික නම්, ඉල්ලන ප්‍රමානය නිශ්පාදනය කරලා දෙන්නත් පුලුවන් නම් තවත් වෙන මොනවද?
BTI බැක්ටීරියාව ගෙන්වනවා කියලා අපේ ඇමතිවරු පරසක්වල ගැහුවෙ පහුගිය මහ මැතිවරණෙටත් කලින්. ඒත් මේ දවස් වල තමයි ඒක අදල ස්ථාන වලට යොදමින් ඉන්නෙ.
කියන්න ගියොත් කොයි තරම් දේවල් තියෙනවද, කියන්න ඒත මේ ඒකට වෙලාව නෙවෙයි.
හැම ප්‍රශ්නයකදීම හැමෝටම බැනලා වැඩක් නැතිනිසා අපිට පුලුවන් තරමින් අපේ යුතුකම කරන්න දායක වෙමු.
Monday, July 26, 2010
බුදු හිමියන්ටත් කලි යුගයේ... දෙවියන්ගේ පිහිටයි...
බුදු හිමියන්ටත් කලි යුගයේ... දෙවියන්ගේ පිහිටයි...
බුදුන්ටත්.. දෙවියන්ගේ පිහිටයි...
පරවුණු මල් දැක නිවුණු පහන් මැද
බුදු හිමි තනි විය බුදු කුටියේ..
මල්දම් පලතුරු අගිල් කපුරු මැද දෙව් රජු වැජඹෙයි දෙව් මදුරේ...
බුදු හිමියන්ටත් කලි යුගයේ...
යතියන් පුද දෙන රුපියල් සත ගෙන රුපුන් නසා දී රැකවරණේ...
දෙවියන් උපයන මුදලින් සුරැකෙයි බුදුන් දහම් සඟ තුන් සරණේ..
බුදු හිමියන්ටත් කලි යුගයේ...
නන්දා මාලිනියගේ හඬින් මේ ගීතය 80- 90 දශකයේදී අපට අහන්නට ලැබුණත්, අදටත් ගොඩාක්ම ගැලපෙන එකක් කියලයි මටනම් හිතෙන්නෙ.
මොකද අද මේවනවිටටත් මිනිස්සු කී දෙනෙක් නම් පූජා වට්ටි කර තියාගෙන දේවාල ඉස්සරහ ඉන්න්වද?
තමන්ගේ ජීවිතවල තියෙන විශ්වාසය නැතිකරගෙන ඒ වෙනුවට තව අදෘග්‍යමාන බලයක් අදහන්න නම් ඒ මනුස්සයාගෙ ආත්ම විශ්වාසය බින්දුවටත් වඩා අඩු වෙන්න ඕනෙ.
නන්දා මාලිනිය කියන විදියටම පොලොන්නරු යුගයේදී විද්යාන චක්‍රවර්තීන් බුත්සරණ ලීවේත්, කොට්ටේ යුගයේදී වීදාගම හාමුදුරුවන් බුදුගූණ අලංකාරය ලීවේත් දේව වාදයෙන් යටපත් වූ බුදු දහම නගා සිටු වීමටයි.
දෙවියන් අදහන එක අපේ සංස්කෘතියට හරියට එකතු උනේ මහනුවර යුගයේදී සතර දේවාල දළඳා මාලිගාව වටේට නිර්මාණය වීමත් සමගයි.ඊට කලින් දේව විශ්වාස යම් තරමින් තිබුනත්, බුදු දහමේ ආභාශයත් එක්ක එයට ලොකු තැනක් ලැබුනෙ නැහැ.
නමුත් අපේ මහනුවර යුගයෙ රජ කරපු සමහර රජවරු නිසා ඒ දේවලුත් අපේ සංස්කෘතියට එකතු උනා.
නමුත් අද වෙලා තියන්නෙ බුද්ධාගම වෙනුවට පන්සල් ගොහින් දෙවියන් අදහන්නයි. මේ තත්වය උදාවෙන්න අපෙ ඉතිහාසයේ හිටපු සමහර උදවිය වගේම වෙනත් රටවලින් ආපු ආක්‍රමණ වගේ දේවලුත් බලපෑවා.
ඇත්තටම අද අපි අදහන ගොඩාක් දෙවිවරු මෑතකදි අපෙ සංස් කෘතියට එකතු උන අය.
වෙලා තියන ලොකුම අභාග්‍ය තමයි දැනුම් තේරුම් ඇති සමහර උදවියත් පුරුදට වගේ වගේ මේ දේවල් කිරීම. දෙවියො මොනවද කරල තියන්නෙ? දෙවියො නොනවද දීලා තියන්නෙ කියල අහුවොත් කිසි කෙනෙකුට පෙන්නන්නවත් කියන්න්වත් දේවල් තියනවා කියල මම නම් හිතන්නෙ හැහැ.
අවසාන වශයෙන් කියන්න දෙයක් තියෙනවා. මේක සංවාදයට විවෘත මාතෘකාවක්. අපි බෞද්ධයො විදියට කතරගම යන්න් ඕනෙ දේවාල වඳින්නද, එහෙමත් නැති නම් කිරිවෙහෙර වඳින්නද කියලා ඔය හිතෙන්ම අහලා බලන්න.
ඔබ ගැන තීරණයක් ගන්න ඒක ප්‍රමාණවත් වෙවි. ඔබත් දෙවියන්ව අන්ධව විශ්වාස කරනවා නම් මේ ගැනත් හිතලා බලන්න. තර්ක තියනවානම් ඉදිරිපත් කරන්න.
Friday, June 18, 2010
සංවර්ධනයේ නාමයෙන් කරන අවජාතක නිර්මාණ.
සමහර විට ඔබ මේ වනවිටත් දන්නවා ඇති වර්තමාන ආණ්ඩුව විල්පත්තු අභය භූමිය මැදින් උතුරට මහාමාර්ග නිර්මාණය කරල තිබෙන විත්තිය.
විල්පත්තුව කියන්නෙ ශ්‍රී ලංකාවෙ ලොකුම වනෝද්යා්නයයි.එය බටහිරින් මායිම් වෙන්නෙ ඉන්දියන් සාගරයයටයි. මුහුදු වෙරලට සමාන්තරව පාරක් කැපුවාම උන්, උන්ට අයිති භූමිය තුලම එහාට මෙහාට යන්න බැරුව කොටු වෙනවා කියලා ඕනෙම ගොනෙකුට තේරෙනවා.
ඇත්තටම මේ විදියට කිසිම සෙවිල්ල්ක් බැලිල්ලක් නැතුව තෙරුමක් නැති, අනාගතයට උත්තර නැති ප්‍රශ්න ගොඩක් ඇති කරන තීරණ ගන්නෙ කවුද කියලා නම් මා දන්නේ නැහැ. නමුත් සතෙකුටවත තරම් වත මොලයක් නැති මේ අනුවණ ක්‍රියාව හින්දා පරම්පරා ගණනාවකටම උත්තරනැති ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න නම් වෙනවා.
අද අපි දන්න විදියට, අලි මිනිස් ගැටුම කියන්නෙත් උත්තර නැති තවත් එක ප්‍රශ්නයක්. මේ ගොඩාක් දේවල් අපිට දායද කරලා තියන්නෙ ඒකාලෙ හිටපු අපේ නායකයෝ. අදත් මේ අවජාතක වැඩේ හින්දා අතරමං වෙන්නෙ තව අවුරුදු කීපයකින් මෙලොව එලිය දකින අපේ පුංචි පැවව් වගේම උපදින අලි පැවව්.
මේ ලෝකෙ උපදින හැම සතෙකුටම ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. ඒ වගේම තමන්ට කියලා නිදහසේ වාසය කරන්න පුලුවන් තැනක් තියෙනවා.නමුත් මේ කරන වැඩේ හින්දා වන සිවුපාවුන්ට ඔය කිසිවක්ම ඉතිරි වෙන්නෙ නැහැ.
කොහොම වෙතත දැනට දැනගන්න තියෙන විදියට නම් ඉදිකිරීම් කටයුතු පටන් අරගෙන වැඩ කරගෙනත් යනවා. ඔබටත පුලුවන් නම් මනුස්සයෙක් විදියට මේ ප්‍රශ්නයට කරන්න පුලුවන් මොකක්ද කියලා පොඩ්ඩක් හිතලා බලන්න.
මේ ලිපියට 'අවජාතක' කියලා විශේෂණ පදයක් දාන්න හිතුනේ මේ වැඩ කරන්නෙ කවුද කිය්ල ඇහුවොත්, අදාල පුද්ගලයා කවුද කියල කවුරුත් දන්නෙම නැති හන්දා.
Sunday, May 9, 2010
ගිනි ගණන් වලට විකුණන වතුර
මේ අදවස් වල දිගින් දිගටම වහින නිසා සමහර අයට නම් වතුර එපා වෙලා ඇති. ඒත් බොන්න වතුර පොදක් නැතුව මේ ලෝකෙ මැරෙන මිනිස්සු කී දාහක් නම් ඉන්නවද? මේ කියන්න හදන්නෙත් ඒ විදියට මිනිස්සු මැරෙද්දිත් වතුර විකුණාගෙන ලෝකයේ ජල ඒකාධිකාරය පවත්වාගෙන යන එක ගැනයි. ප්‍රතිශතයක් විදියට ගත්තොත් ලෝක ජනතාවගෙන් සියයට 6ත් 7ත් අතර පිරිසක් මුදලට වතුර ගන්නවා. දැනට ලෝකයේ වතුර වෙලඳාමේ අණසක තියන්නේ සමාගම් 10ක් අතේ. ඒ අතර ප්‍රංශ සමාගම් 4ක්, බ්‍රිතාන්‍ය සමාගම් 5ක්,ජර්මන් සමාගම් 1ක් හා එක් ඇමරිකන් සමාගමක් ඉන්න්වා. පහතින් තියනෙ ඒ සමාගම් ලැයිස්තුව.
ප්‍රශ සමාගම්
I. SUEZ Lyonnise
II. Vivendi environment
III. Bouyques SAUR
බ්‍රිතාන්‍ය සමාගම්
I. Servent tarent
II. Anqlican water kkleda group
III. United utilities
ජර්මන් සමාගම්
I. RWE thames water
ඇමරිකන් සමාගම්
i. American world water world company
මෙතැන තියන ගැටලුව මුදලට ජලය දීම පමණක්ම නෙවෙයි. ස්වභාවික සම්පතක් වන ජලයේ අයිතිය සෑම මිනිසෙකුටම තිබෙන්න ඕන. සුවහසක් මිනිසුන් වතුර පොදක් නැතුව මියැදෙද්දි බහු ජාතික සමාගම් කරන්නෙ ඔවුනට අයිති වතුර ටිකත් සූරාගෙන විකුනන එකයි.
ඒ විදියට විකුණන වතුර වල වටිනාකම වසරකට ඇ.ඩො.බිලියන 400ක්. අප්‍රිකා මහාද්වීපයේ මේ තත්වය ඉතා දරුණුවට ඇතත්, බහුජාතික සමාගම වල අතකොලු බවට පත්වූ නිවට පාලකයන් එය විසඳීමට කිසිම පියවරක අරගෙන නැහැ.
ලොකයේ තත්වය ඒකයි, ලංකාවෙත් වතුර විකුණන්න 2001දී ගෙන ආව යොජනාවක් ජනතාවගේ දැඩි විරෝධය මැද්දෙ හකුලා ගන්නට එවකට තිබුණ රජයට සිදු වුණා.
නමුත් තත්වය සම්පූර්ණයෙන්ම යටපත්වෙලා නැහැ. අපේ රටේ ඇති අතිමහත් වූ ජල සම්පත උදුරා ගැනීමට කැස කවන බහු ජාතික සමාගම් මෙන්ම රජයේ කොමිස් කාක්කන්ද ඔනෑ තරම් ඉන්න්වා. ඒක හින්දා අවදානම සම්පූර්නයෙන්ම බැහැර වෙලා නැහැ. විමසිල්ලෙන ඉන්න. හෙට ඔවුන් ඔබට තිබෙන ජල අයිතියත් විකුණන්න පුලුවන්.
ඒ වගේම මේ ගැන අන්තර්ජාලය හරහා තොරතුරු ඕනෑ තරම් හොයාගන්නත් ඔබට පුලුවන්.
Subscribe to:
Posts (Atom)


