Sunday, December 26, 2010
කාබයිට් ගැසීමේ කතාන්දරය
අපි වෙලඳපලට ගිහින් ඉදුනු පලතුරු ටිකක් මිලදී ගැනීමේදී ඇතිවෙන ප්‍රදාන ගැටලුවක් තමයි ඒවා ඉදවලා තියන්නෙ 'කාබයිට්' ගහලද භාවිතා කරලද කියන එක.මොකක්ද මේ කාබයිට් ගහනවා කියන්නෙ? ඒවා පවිච්චියට සුදුසුද නැද්ද? පොඩ්ඩක් බලමු.
ඇත්තටම කාබයිට් භාවිතා කරන්නෙ 'එතිලීන්' කියන, පලතුරු ඉදීම උත්තේජනය කරන්න හොමෝනය නිපදවීමටයි.කැල්සියම කාබයිට් වලට ජලය එකතු කලාම එතිලීන් වායුව නිපදවෙනවා. එතිලීන් වායුව හරියට පාවිච්චි කරනවා නම් අපිට ඔය කියන තරම් බය වෙන්න දෙයක් ඇත්තෙ නෑ.ඒත් තියන ප්රශ්නය තමයි අපේ ගොඩක් වෙලෙන්දො නොදැනුවත් කම නිසා ජලය යොදලා වායුව නිපදවීම වෙනුවට ජල බඳුනකට කැල්සියම් කාබයිට් දියකරලා ඒකට පලතුරු ගිල්වලා ගැනීම.
මේ නිසා අපට අතිවන ප්‍රධාන රොගාබාධ තමයි හිසරදය, සහ ආසනික් කියන බැර ලෝහයත් පොස්පරස් කියන මූලද්‍රව්‍යයත් නිසා ඇතිවන ස්නායු දුබලතාවය.කාබයිට් යෙදූ පලතුරක් අඳුනා ගන්නට ඔබටත් පුලුවනි. මෙන්න මේ කාරනා තියනවානම් ඒක බොහෝ විට කාබයිට් භාවිත කරල ඉදවපු පලතුරක්.
පලතුර වටේ ඉදිලා වගේ පෙනිලා ඇතුලත බොහොම තදයි නම් - මොකද කෘතිමව ඉදවනකොට පලතුරු ඉදෙන්නෙ පිටත ඉඳලා ඇතුලතට.
අසාමන්‍ය දීප්තිමත් කහ පැහැයක් ගන්නව නම්
පලතුරේ නටුව තදින් නරක් වෙලා තියනවා නම්
පලතුරු සුවඳ බලනවිට පුරුදු සුවඳ වෙනුවට සැර ආග්රාණයක් එනවානම්
පලතුරේ සමහර තැන් තද කොළ පාටට තියෙද්දි අනෙක් තැන් තද කහ පැහැයට තියෙනවානම
කෙසෙල් වගේ දෙයක් නම් මුලු කැනම එකම විදියට කහපාට වෙලානම් - ඒත් සැක කරන්න පුලුවන්.
ඉතින් මේ උත්සව කාලේ පොඩ්ඩ්ක් බලලා ස්වභාවිකවම ඉදුනු පලතුරු ටිකක් ගන්න පොඩ්ඩ්ක් විමසිලිමත් වෙමු.

Thursday, September 30, 2010
කටවුට්
මේක ලියන්න හිතාන හිටියෙ මීට සති තුනකට විතර කලින්. නොයෙක් වැඩ නිසා පකක්කු උනත්, දැන් හරි ලියන එක වටිනවා කියල හිතුන නිසයි ලීවේ.
මම බදුල්ලෙ ආවෙ පසුගිය 5වෙනිදා, කැම්පස් එකේ නිවාඩුව ඉවරව වෙලා. ඒ එනකොට දකින්න තිබුනෙ කලින් දැක්කට වඩා වෙනස් නගරයක්.
මා ඒමට දින කීපයකට කලින් ජනාධිපති තුමා බදුල්ල නගරයේ සංචාරය කරලා තිබුණා.ඉතින්, රෝහල අසල ඉතාවිශාල තොරණක් නිර්මාණය කරලා තිබුණා, ජනාධිපති තුමාව පිලිගන්න.ඒ විතරක් නෙවෙයි, බස් නැවතුම්පල, පළාත්සභාව, වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගනය අසල ආදී වශයෙන් නොයෙක් තැන්වල මහා විශාල තොරණ නිර්මාණය කරල තිබුණා. ඒ විතරක් නම් මදැයි, හොඳම දේ තමයි නගරය් වැහෙන තරම් ගහපු කටවුට්.
මේ හැම එකකින්ම කියලා තිබුණෙ 'ජනාධිපතිතුමාව සාදරයෙන් පිලිගනිමු' කියලා. එහෙම නැති නම් අපි මේ දේවල් කලා කියලා එක එක්කෙනා ගහපු පංපෝරිය.
පිලිගන්න්වා ලියලා ඔච්චර කටවුට් ගහන්න ඕනෙද? එක්කෙනෙක් මදිවට එක එක දේශපාලඥයා වෙන වෙනම පිලිගන්නවා. තමන්ට ලකුණු දාගන්න වෙන්න ඇති. කරපුවා පෙන්නන්න ඔච්චරම ඕනෙනම් ප්‍රගති සමාල්ලොචනය දවසෙදි ඒක හොඳටම පෙන්වන්න තිබුණා.
ඒත් මේකෙ අනිත් පැත්ත ගැන කල්පනා කලොත්, තොරණ ගහන්න වගේම කටවුට් ගහන්නත් මා දන්නා තරමින් ලක්ෂ 10 කට වැඩි මුදලක් වැය කරලා තිබුණා. තවත් දෙයක්, ජනාධිපති තුමා සංචාරය කරන වීදි වල දෙපස විදුලි හා දුරකථන කණු වල දේශපාලඥයන්ගේ රුව සහිත විශාල පුවරුත් එල්ල තිබුණා.
මට පුංචි දෙයක් අහන්න හිතුණා. මේකට කරපු මහා වියදමෙන් බදුල්ල දිස්ත්‍රික්කයේම තියෙන පාරක් හදලා දෙන්න මේ දේශ පාලුවන්ට බැරිද? වතුර නැති තැනකට වාරි ජල යෝජනා ක්‍රමයක් පටන්ගන්න ආධාර දෙන්න බැරිද?
අපි හොඳින්ම දන්නා හම්බන්තොට වරයේ කරදියවර මංගල්‍යයය වෙනුවෙනුත් රජය රුපියල් කෝටි ගණනක් වියදම් කරලා තිබුණා. හැම තැනම තියන්නෙ මේ විදියෙ ආටෝප වැඩම තමයි. හරයක් නැති උනත් බොරු මවාපෑම් නම් හැමතැනම තියනවා.
කවුරු කොහොම කිව්වත් මම නම් කියන්නෙ අද ලංකාවෙ ඉන්න ගොඩක් මිනිස්සු මෝඩයි කියලා. නත්නම් මේ දේවල් කරලත්, අසරණ මිනිස්සුන්ට තියන දේ හූරගෙන කාලා නැවතත මනාපෙ ඉල්ලගෙන ඇවිත් බොරුවක් කීවාම ඔහෙ දීලා දායිද?. රට ගැන, අනාගතය ගැන, සොබාදහම ගැන හැඟීමක් බහුතරයකට නෑ කියල කියන්න බය වෙන්න ඕනෙ නෑ. ඒක හැම තැනම පේන්න තියන සත්‍යයක්.
ප.ලි.
දැනගන්නට ලැබෙන විදියට අපේ රාජ්‍ය නායකයින්ගේ ඇමරිකා හා යුරොපා සංචාර වලටත් බර වියදම්ලු.
කමක් නෑ. අපි බදු ගෙවලා උඹලට හම්බ කරලා දෙන්නම්. උඹලා රටින් රටට ගිහින් හොඳම හෝටල් වලින් කාලා, 'බීලා', නටලා ආතල් ගනිල්ලා.
අපිට බුදු සරණයි!

Tuesday, August 17, 2010
තුප්පහි විදියට පදක්කම් ගැලවීම හා ලැජ්ජා නැති විදියට රෙද්ද අස්සේ දා ගැනීම
ඔබත් මමත් මේ වනවිට හොඳින් දන්නා පරිදි හිටපු යුද හමුදාපති තුමාගේ ජෙනරාල් ධූරය ඇතුලු සියලුම වරප්‍රසාද ද අවලංගු කර ඇත. රට වෙනුවෙන් මෙතරම් කැප කිරීම් කළ අයෙකුගේ විශ්‍රාම වැටුපත් ඔහුට අහිමි කිරීමට තරම් මිනිසුන් අධම වූවාද!
මට අසන්නට එක් කරුණක් ඇත. රට වෙනුවෙන් අවුරුදු 40ක් සෙවය කර, ත්රස්තවාදීන්ගෙන් රට බේරා ගැනීමට තම මැරිමැරී ඉපදුනු අයෙක් බන්ධනාගාරගත කිරීමටත්, පොලිස් නිලධාරීන් සිය ගණනක් හා හමුදා භටයන් දහස් ගණනක් මරන්නට අණ දුන් අයෙක් මන්ත්‍රීවරයෙක් කිරීමටත් රටේ පවතින්නේ කුමන නීතියක්ද යන්නයි.
මා දන්න ආකාරයට කල එකම වරද වූයේ ජනාධිපතිවරණයට තරඟ කිරීමයි.
මේවා මතක් වන විටත් පුදුමාකාර පිලිකුලක් හිතට නැගේ. කටු සූප්පු කරන්න්ට ඇබ්බැහි වූ නඩයක් සිටින නිසාවෙන් මෙන්ම රජයේ පස්ස ලෙවකන මාධ්‍යයන්ට මේවා නිවැරදි යැයි පට්ටා ගැසීම එතරම් අමාරු නොවේ. නමුත් මිනිසුන් ලෙස අපට සිතන්නට දෙයක් ඇත. එදා සියලු ජනී ජනයාගෙන් බුහුමන් ලැබූ අය අද හිරේය. එදා අපව මරන්නට මාන බැලූ උන් අද රජ ගෙදරය. ඒ මදිවාට යන්තමින් තමන්ට එරෙහි වූ අයට පන්න පන්නා පහර දෙයි.
දැනට අවුරුදු 5කට පමණ පෙර සූරියප්පෙරුමලා පවුලේ නාලිකාවලින් දෙඩූ ගල් පැලෙන තර්ක මතක් වන විටත් පිලිකුල්ය. මා අසන්නේ ඒ පහල වූ මහා ශ්‍රේෂ්ඨ නායකයා කරන්නේ මේවාද යන්නයි.
කෙසේ වෙතත් අප පවතින උත්තරීතර නීතියට ගරු කරන්නෙමු. ඒත් මීට වඩා හොඳ, යහපත් හෙටදිනකට සිහින් දකින්නෙමු. එක් අයෙකුගේ සුඛ විහරණය පතා තවත් මිනිසුන් බොහෝ දෙනෙකුගේ ජීවිත සමග සෙල්ලම් කිරීම නිහීන ක්‍රියාවක් බව ලියා තබමි.

Monday, August 16, 2010
තනි තරුව..
වස්සන සිහිනයේ- සිහිලැල්ම ඉසව්වේ
සිත් යායෙ ඇදී ඒ - ලෙංගතුම මිතුදමේ
කඳුලද සිනාවද - කැටිව ගිය ජීවිතේ
සිහිනයක් නොවෙද - නුඹමගේ සිහිනයේ
ජීවිතය ලෙංගතුයි- ගීතයක් තරමටම
පෙනෙයි නම් නෙත් කොනේ - මුඹේ ඒ තරු දෑස
සිහිනයම පිවිතුරුයි - නිල් අහස පුරාවට
සුලඟෙ එයි නම් - සිනාවේ මල් පොකුරු
නිල් අහස තරමටම - පැතුම් පොදි අතුරලා
මහ සයුර තරම් වූ - සිහින පෙල ගොලුවෙලා
සැනසුමද සුසුමක්ද - හද තුලින් මතු වෙලා
නුඹ වේද තනි තරුව - සිත් අහසෙ දිදුලනා
මුලින්ම කියන්න ඔනෙ මේක මම ලියපු එකක් නම් නෙවෙයි. 'නිමාශා' කියලා මගේ මිතුරියක් බ්ලොග් එකට දාන්න කියලා දුන්න නිසඳැසක්. කමෙන්ට් තියනවානම් දාන්න ඒක එයාට වැදගත් වේවි.

Friday, August 13, 2010
මෙලොවදීත් පරලොවදීත් සතුටු විය හැකි දුලබ ගණයේ පිංකමක්.
මේ පිංකම් ආද කාලේ ඉතා විරලව අහන්න ලබෙන ආකාරයේ එකක්. හොරණ- තලගල මංගලාරමය මූලිකවී සිදු කරන මෙය නම් වෙන්නෙ 'ගිරි භණ්ඩ'පූජාව නමිනුයි. ප්‍රධානත්වය ගෙන කටයුතු කරන්නෙ තලගල සුමනරතන නායක හිමිපාණන්. කන්දක් උසට පිරිකර පිලියෙල කර පූජා කිරීම මෙමගින් අදහස් කරනවා.
අනුරාධපුර යුගයේදී මහාදාඨික මහානාග රජතුමන් මුල් වරට මෙය සිදුකර ඇතිබව මහාවංශය් සඳහන් කරනවා. මංගලාරාමය මගින් මෙවර මේ පිංකම සිදු කරන්නෙ තුන්වන වරටයි.ඒ අම්පාර දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 150ක් මුල් කරගෙනයි.
එක් විහාරස්ථානයකට අවශ්‍යය සෑම ආකාරයකම පිරිකරවල් මෙහිදී පූජාකෙරෙනවා.එක් පන්සලකට පූජාකෙරෙන සියලු පිරිකරවල මුලු වටිනාකම රුපියල් 40,000කටත් වැඩියි.
ත්‍රස්තවාදී යුද සමයේ ඒ පලාතේ විනාශ වී ගිය පංසල් වගේම දිවි හිමියෙන් තම විහාරස්ථාන රැකගෙන හිටපු අපේම බුද්ධ පුත්‍රයන් වහන්සේලාට උපහාර කිරීමට මෙය ඉතාවටිනා අවස්ඨාවක්.
ඒ පලාත් වල සමහර පන්සල් වල දන්වලඳන ආම්පන්නවත් හරියට නැහැ. සමහර හාමුදුරුවරුන්ට දෙවේලට දානෙ වේලවත් හරියට ලැබෙන්නෙ නැහැ.
ඉතින් ඔබටත් පුලුවන් මංගලාරාම දායක සභාවත් එක්ක මේ මහා පින්කමට දායක වෙන්න. පුලුවන් තරමින් පුංචි දෙයක් හරි පූජා කරලා. පොතක් පෑනක්, කුඩයක්,එහෙමත් නැති නම් පන්සලකට අවශ්‍යය ඕනැම දෙයක් පූජා කරන්න පුලුවන්. ඒක, ඔබ මැරෙන කල් සතුටු වෙන්න පුලුවන් පිංකමක් වෙවි.
ආමිශ පූජා අතර ඉහලම තැනක් ගන්න මේ පිංකම සිදු කරන්න ඔබටතලගල මංගලාරාමය වෙබ් අඩවියෙන්, හරි පහත දුරකතන වලට කතා කරල පුලුවන් වෙවි.
034-2254334
0343449220
තෙරුවන් සරණයි
Saturday, August 7, 2010
ඩෙංගු වලට හරියට බෙහෙතක් වදින්නෙ රජයේ ඇමති කෙනෙක් මැරුනොත් විතරද?
බොහොම ශෝක ජනක ආරංචියක් අහන්නට ලැබුන ගමන් මගේ හිතට ආපු සිතුවිල්ලයි ඒ. මම 7 වසරෙදී ගණන් ඉගෙනගත්තු 'දීපිකා' මිස් මිය ගිහිල්ලා.මරණයට හේතු වෙලා තිබුණෙ ඩෙංගු! ඇයට විතරක් නෙවෙයි කීදෙනෙක්ට නම් මේ වෙනකොට ඩෙංගු නිසා වද වෙන්න සිදු වෙලා තියෙනවද? සාමාන්‍ය ජනතාවට වගේම මධ්‍යම රජයටත් යම්කිසි වගකීම් ප්‍රමාණයක් මේ සඳහා ඉටු කරන්න තියෙනවා. ඔබටත්, මටත් ඩෙංගු වැලැක්වීමට යම් කිසි වූ වගකීම් ප්‍රමාණයක් පැවරිලා තියනවා.
ඒත් එක්කම මට මතක විදියට පහුගිය 3වෙනිදා ලංකාදීප පත්තරේ දාල තිබුනා 'බයො පවර්' කියන ආයතනය ලංකාවෙBTI බැක්ටීරියාව නිශ්පාදනය කලත් ඒ සඳහා මේ වනතුරුත් ඇනවුම් ලැබී නොමැති බව.
අපේ ආණ්ඩුවේ ඉන්න මිනිස්සුන්ගේ හැටි තේරුම් ගන්න මේට වඩා නොඳ අවස්ථාවක් තියෙනවද? පිටරටින් ගෙනල්ලා කඩා ගන්න කොමිස් කුට්ටිය ලංකාවෙ ආයතනයකින් ගත්තොත් කඩා ගන්න බැරි හන්දා වෙන්න ඔනෙ මේ විදිහෙ වැඩ කරන්නෙ.
ප්‍රමිතියත් හොඳනම්, වගකීමත් සහතික නම්, ඉල්ලන ප්‍රමානය නිශ්පාදනය කරලා දෙන්නත් පුලුවන් නම් තවත් වෙන මොනවද?
BTI බැක්ටීරියාව ගෙන්වනවා කියලා අපේ ඇමතිවරු පරසක්වල ගැහුවෙ පහුගිය මහ මැතිවරණෙටත් කලින්. ඒත් මේ දවස් වල තමයි ඒක අදල ස්ථාන වලට යොදමින් ඉන්නෙ.
කියන්න ගියොත් කොයි තරම් දේවල් තියෙනවද, කියන්න ඒත මේ ඒකට වෙලාව නෙවෙයි.
හැම ප්‍රශ්නයකදීම හැමෝටම බැනලා වැඩක් නැතිනිසා අපිට පුලුවන් තරමින් අපේ යුතුකම කරන්න දායක වෙමු.
Monday, July 26, 2010
බුදු හිමියන්ටත් කලි යුගයේ... දෙවියන්ගේ පිහිටයි...
බුදු හිමියන්ටත් කලි යුගයේ... දෙවියන්ගේ පිහිටයි...
බුදුන්ටත්.. දෙවියන්ගේ පිහිටයි...
පරවුණු මල් දැක නිවුණු පහන් මැද
බුදු හිමි තනි විය බුදු කුටියේ..
මල්දම් පලතුරු අගිල් කපුරු මැද දෙව් රජු වැජඹෙයි දෙව් මදුරේ...
බුදු හිමියන්ටත් කලි යුගයේ...
යතියන් පුද දෙන රුපියල් සත ගෙන රුපුන් නසා දී රැකවරණේ...
දෙවියන් උපයන මුදලින් සුරැකෙයි බුදුන් දහම් සඟ තුන් සරණේ..
බුදු හිමියන්ටත් කලි යුගයේ...
නන්දා මාලිනියගේ හඬින් මේ ගීතය 80- 90 දශකයේදී අපට අහන්නට ලැබුණත්, අදටත් ගොඩාක්ම ගැලපෙන එකක් කියලයි මටනම් හිතෙන්නෙ.
මොකද අද මේවනවිටටත් මිනිස්සු කී දෙනෙක් නම් පූජා වට්ටි කර තියාගෙන දේවාල ඉස්සරහ ඉන්න්වද?
තමන්ගේ ජීවිතවල තියෙන විශ්වාසය නැතිකරගෙන ඒ වෙනුවට තව අදෘග්යමාන බලයක් අදහන්න නම් ඒ මනුස්සයාගෙ ආත්ම විශ්වාසය බින්දුවටත් වඩා අඩු වෙන්න ඕනෙ.
නන්දා මාලිනිය කියන විදියටම පොලොන්නරු යුගයේදී විද්යාන චක්‍රවර්තීන් බුත්සරණ ලීවේත්, කොට්ටේ යුගයේදී වීදාගම හාමුදුරුවන් බුදුගූණ අලංකාරය ලීවේත් දේව වාදයෙන් යටපත් වූ බුදු දහම නගා සිටු වීමටයි.
දෙවියන් අදහන එක අපේ සංස්කෘතියට හරියට එකතු උනේ මහනුවර යුගයේදී සතර දේවාල දළඳා මාලිගාව වටේට නිර්මාණය වීමත් සමගයි.ඊට කලින් දේව විශ්වාස යම් තරමින් තිබුනත්, බුදු දහමේ ආභාශයත් එක්ක එයට ලොකු තැනක් ලැබුනෙ නැහැ.
නමුත් අපේ මහනුවර යුගයෙ රජ කරපු සමහර රජවරු නිසා ඒ දේවලුත් අපේ සංස්කෘතියට එකතු උනා.
නමුත් අද වෙලා තියන්නෙ බුද්ධාගම වෙනුවට පන්සල් ගොහින් දෙවියන් අදහන්නයි. මේ තත්වය උදාවෙන්න අපෙ ඉතිහාසයේ හිටපු සමහර උදවිය වගේම වෙනත් රටවලින් ආපු ආක්‍රමණ වගේ දේවලුත් බලපෑවා.
ඇත්තටම අද අපි අදහන ගොඩාක් දෙවිවරු මෑතකදි අපෙ සංස් කෘතියට එකතු උන අය.
වෙලා තියන ලොකුම අභාග්‍ය තමයි දැනුම් තේරුම් ඇති සමහර උදවියත් පුරුදට වගේ වගේ මේ දේවල් කිරීම. දෙවියො මොනවද කරල තියන්නෙ? දෙවියො නොනවද දීලා තියන්නෙ කියල අහුවොත් කිසි කෙනෙකුට පෙන්නන්නවත් කියන්න්වත් දේවල් තියනවා කියල මම නම් හිතන්නෙ හැහැ.
අවසාන වශයෙන් කියන්න දෙයක් තියෙනවා. මේක සංවාදයට විවෘත මාතෘකාවක්. අපි බෞද්ධයො විදියට කතරගම යන්න් ඕනෙ දේවාල වඳින්නද, එහෙමත් නැති නම් කිරිවෙහෙර වඳින්නද කියලා ඔය හිතෙන්ම අහලා බලන්න.
ඔබ ගැන තීරණයක් ගන්න ඒක ප්‍රමාණවත් වෙවි. ඔබත් දෙවියන්ව අන්ධව විශ්වාස කරනවා නම් මේ ගැනත් හිතලා බලන්න. තර්ක තියනවානම් ඉදිරිපත් කරන්න.
Subscribe to:
Posts (Atom)