RSS

Saturday, August 7, 2010

ඩෙංගු වලට හරියට බෙහෙතක් වදින්නෙ රජයේ ඇමති කෙනෙක් මැරුනොත් විතරද?



  බොහොම ශෝක ජනක ආරංචියක් අහන්නට ලැබුන ගමන් මගේ හිතට ආපු සිතුවිල්ලයි ඒ. මම 7 වසරෙදී ගණන් ඉගෙනගත්තු 'දීපිකා' මිස් මිය ගිහිල්ලා.මරණයට හේතු වෙලා තිබුණෙ ඩෙංගු! ඇයට විතරක් නෙවෙයි කීදෙනෙක්ට නම් මේ වෙනකොට ඩෙංගු නිසා වද වෙන්න සිදු වෙලා තියෙනවද? සාමාන්‍ය ජනතාවට වගේම මධ්‍යම රජයටත් යම්කිසි වගකීම් ප්‍රමාණයක් මේ සඳහා ඉටු කරන්න තියෙනවා. ඔබටත්, මටත් ඩෙංගු වැලැක්වීමට යම් කිසි වූ වගකීම් ප්‍රමාණයක් පැවරිලා තියනවා.
ඒත් එක්කම මට මතක විදියට පහුගිය 3වෙනිදා ලංකාදීප පත්තරේ දාල තිබුනා 'බයො පවර්' කියන ආයතනය ලංකාවෙBTI  බැක්ටීරියාව නිශ්පාදනය කලත් ඒ සඳහා මේ වනතුරුත් ඇනවුම් ලැබී නොමැති බව.
අපේ ආණ්ඩුවේ ඉන්න මිනිස්සුන්ගේ හැටි තේරුම් ගන්න මේට වඩා නොඳ අවස්ථාවක් තියෙනවද? පිටරටින් ගෙනල්ලා කඩා ගන්න කොමිස් කුට්ටිය ලංකාවෙ ආයතනයකින් ගත්තොත් කඩා ගන්න බැරි හන්දා වෙන්න ඔනෙ මේ විදිහෙ වැඩ කරන්නෙ.
ප්‍රමිතියත් හොඳනම්, වගකීමත් සහතික නම්, ඉල්ලන ප්‍රමානය නිශ්පාදනය කරලා දෙන්නත් පුලුවන් නම් තවත් වෙන මොනවද? 

BTI බැක්ටීරියාව ගෙන්වනවා කියලා අපේ ඇමතිවරු  පරසක්වල ගැහුවෙ පහුගිය මහ මැතිවරණෙටත් කලින්. ඒත් මේ දවස් වල තමයි ඒක අදල ස්ථාන වලට යොදමින් ඉන්නෙ.
කියන්න ගියොත් කොයි තරම් දේවල් තියෙනවද, කියන්න ඒත මේ ඒකට වෙලාව නෙවෙයි.
 හැම ප්‍රශ්නයකදීම හැමෝටම බැනලා වැඩක් නැතිනිසා අපිට පුලුවන් තරමින් අපේ යුතුකම කරන්න දායක වෙමු.

3 comments:

Shadow/හේමලයා said...

ඊයෙ කීවෙ පාලයියා...ඩෙඟු හැදිච්චි අයගෙන් තාම 1% වත මැරිලා නෑ කියලා....තව දෙතු සීයක් මැරෙනකන් වෙනැති බලන් ඉන්නේ...අම්මප අපිටම තම ගහන්න ඕනෑ ඔයවගෙ එවුන් පත් කොරල යවනවාට....ඔය බැක්ටීරියාව එන එකක් නෙවෙයි...කෙප්පයක්ද කොහෙද....රිපීට් කර කර ඉන්නවා....අන්තිමට කියයි මේක විජාතික කුමන්ත්‍රනයක් කියල..එච්චරයි අඩු.....

Unknown said...

අයියෝ අයියේ..! මටත් 7 වසරෙදි ඉගැන්නුවේ මේ මැඩම් තමා.. මට තාම හිතා ගන්නබෑ මැඩම් නැති උනා කියල කිව්වම....>!!

ඩී.ඇස් කොල්ලෙක් හදුන ගන්න ලැබුන එකට සන්තෝසයි...!

චන්දික ගුණතිලක said...

කොමෙන්ට් දාපු කට්ටියට ස්තුතියි එහෙනම්.

Post a Comment