RSS

Tuesday, August 17, 2010

තුප්පහි විදියට පදක්කම් ගැලවීම හා ලැජ්ජා නැති විදියට රෙද්ද අස්සේ දා ගැනීම

ඔබත් මමත් මේ වනවිට හොඳින් දන්නා පරිදි හිටපු යුද හමුදාපති තුමාගේ ජෙනරාල් ධූරය ඇතුලු සියලුම වරප්‍රසාද ද අවලංගු කර ඇත. රට වෙනුවෙන් මෙතරම් කැප කිරීම් කළ අයෙකුගේ විශ්‍රාම වැටුපත් ඔහුට අහිමි කිරීමට තරම් මිනිසුන් අධම වූවාද!

මට අසන්නට එක් කරුණක් ඇත. රට වෙනුවෙන් අවුරුදු 40ක් සෙවය කර, ත්‍රස්තවාදීන්ගෙන් රට බේරා ගැනීමට තම මැරිමැරී ඉපදුනු අයෙක් බන්ධනාගාරගත කිරීමටත්, පොලිස් නිලධාරීන් සිය ගණනක් හා හමුදා භටයන් දහස් ගණනක් මරන්නට අණ දුන් අයෙක් මන්ත්‍රීවරයෙක් කිරීමටත් රටේ පවතින්නේ කුමන නීතියක්ද යන්නයි.
මා දන්න ආකාරයට කල එකම වරද වූයේ ජනාධිපතිවරණයට තරඟ කිරීමයි.

මේවා මතක් වන විටත් පුදුමාකාර පිලිකුලක් හිතට නැගේ. කටු සූප්පු කරන්න්ට ඇබ්බැහි වූ නඩයක් සිටින නිසාවෙන් මෙන්ම රජයේ පස්ස ලෙවකන මාධ්‍යයන්ට මේවා නිවැරදි යැයි පට්ටා ගැසීම එතරම් අමාරු නොවේ. නමුත් මිනිසුන් ලෙස අපට සිතන්නට දෙයක් ඇත. එදා සියලු ජනී ජනයාගෙන් බුහුමන් ලැබූ අය අද හිරේය. එදා අපව මරන්නට මාන බැලූ උන් අද රජ ගෙදරය. ඒ මදිවාට යන්තමින් තමන්ට එරෙහි වූ අයට පන්න පන්නා පහර දෙයි.

දැනට අවුරුදු 5කට පමණ පෙර සූරියප්පෙරුමලා පවුලේ නාලිකාවලින් දෙඩූ ගල් පැලෙන තර්ක මතක් වන විටත් පිලිකුල්ය. මා අසන්නේ ඒ පහල වූ මහා ශ්‍රේෂ්ඨ නායකයා කරන්නේ මේවාද යන්නයි.
කෙසේ වෙතත් අප පවතින උත්තරීතර නීතියට ගරු කරන්නෙමු. ඒත් මීට වඩා හොඳ, යහපත් හෙටදිනකට සිහින් දකින්නෙමු. එක් අයෙකුගේ සුඛ විහරණය පතා තවත් මිනිසුන් බොහෝ දෙනෙකුගේ ජීවිත සමග සෙල්ලම් කිරීම නිහීන ක්‍රියාවක් බව ලියා තබමි.

2 comments:

Anonymous said...

කාට කියල කියන්නද සහෝ රටේ රජ කරන්නෙ අවනීතිය.

චන්දික ගුණතිලක said...

ඇත්ත, ඒත් ඒක හැමෝම තෙරුම් ගන්නවානම් තමයි වටින්නෙ.

Post a Comment