RSS

Sunday, May 9, 2010

ගිනි ගණන් වලට විකුණන වතුර



මේ අදවස් වල දිගින් දිගටම වහින නිසා සමහර අයට නම් වතුර එපා වෙලා ඇති. ඒත් බොන්න වතුර පොදක් නැතුව මේ ලෝකෙ මැරෙන මිනිස්සු කී දාහක් නම් ඉන්නවද? මේ කියන්න  හදන්නෙත් විදියට මිනිස්සු මැරෙද්දිත් වතුර විකුණාගෙන ලෝකයේ ජල ඒකාධිකාරය පවත්වාගෙන යන එක ගැනයි. ප්‍රතිශතයක් විදියට ගත්තොත්  ලෝක ජනතාවගෙන් සියයට 6ත් 7ත් අතර පිරිසක් මුදලට වතුර ගන්නවා. දැනට ලෝකයේ වතුර වෙලඳාමේ අණසක තියන්නේ සමාගම් 10ක් අතේ. අතර ප්‍රංශ සමාගම් 4ක්, බ්රිතාන් සමාගම් 5ක්,ජර්මන් සමාගම් 1ක් හා එක් ඇමරිකන් සමාගමක් ඉන්න්වා. පහතින් තියනෙ සමාගම් ලැයිස්තුව.
ප්‍රශ සමාගම්
        I.            SUEZ  Lyonnise
      II.            Vivendi environment
    III.            Bouyques SAUR
බ්‍රිතාන්‍ය සමාගම්
        I.            Servent tarent
      II.            Anqlican water kkleda group
    III.            United utilities
ජර්මන් සමාගම්
        I.            RWE thames water
ඇමරිකන් සමාගම්
         i.            American world water world company

මෙතැන තියන ගැටලුව මුදලට ජලය දීම පමණක්ම නෙවෙයි. ස්වභාවික සම්පතක් වන ජලයේ අයිතිය සෑම මිනිසෙකුටම තිබෙන්න ඕන. සුවහසක් මිනිසුන් වතුර පොදක් නැතුව මියැදෙද්දි බහු ජාතික සමාගම් කරන්නෙ ඔවුනට අයිති වතුර ටිකත් සූරාගෙන විකුනන එකයි.
විදියට විකුණන වතුර වල වටිනාකම වසරකට .ඩො.බිලියන 400ක්. අප්‍රිකා මහාද්වීපයේ මේ තත්වය ඉතා දරුණුවට ඇතත්, බහුජාතික සමාගම වල අතකොලු බවට පත්වූ නිවට පාලකයන් එය විසඳීමට කිසිම පියවරක අරගෙන නැහැ.
ලොකයේ තත්වය ඒකයි, ලංකාවෙත් වතුර විකුණන්න 2001දී ගෙන ආව යොජනාවක් ජනතාවගේ දැඩි විරෝධය මැද්දෙ හකුලා ගන්නට එවකට තිබුණ රජයට සිදු වුණා.
නමුත් තත්වය සම්පූර්ණයෙන්ම යටපත්වෙලා නැහැ. අපේ රටේ ඇති අතිමහත් වූ ජල සම්පත උදුරා ගැනීමට කැස කවන බහු ජාතික සමාගම් මෙන්ම රජයේ කොමිස් කාක්කන්ද ඔනෑ තරම් ඉන්න්වා. ඒක හින්දා අවදානම සම්පූර්නයෙන්ම බැහැර වෙලා නැහැ. විමසිල්ලෙන ඉන්න. හෙට ඔවුන්  ඔබට තිබෙන ජල අයිතියත් විකුණන්න පුලුවන්.
ඒ වගේම මේ ගැන  අන්තර්ජාලය හරහා තොරතුරු ඕනෑ  තරම් හොයාගන්නත් ඔබට පුලුවන්.

Thursday, April 29, 2010

මලක් ගැන දැනුන හැටි...



මම  ගොඩක් දවස් බලන් හිටියා
 බොහොම ලස්සනට පිපෙන මලක් දිහා
මම මල කඩාගන්න හදනකොටම
කවුදෝ ඇවිත්
ඒ මල කඩාගෙන ....
ඒක කලින් තිබ්බුන තැහ නැහැ
මල කඩාපු එකාට මම කියන්නෙ
වාසනාවන්තයා කියලද?
හොරා කියලද?

Friday, March 26, 2010

මොකක්ද මේ කාබනික ගොවිතැන

කාබනික ගොවිතැන කියලා කියන්නෙ කිසිම රසායනික පොහොරක් හෝ කෘතිම වල් නාශක හෝ කෘමි නාශක භාවිතා නොකර කරන ගොවිතැනටයි.
අපි වර්තමානයේ කරන ගොවිතැන නිසා කොයි තරම් අකරතැබ්බ වලට මුහුන පාන්න වෙනවාද කියල මම කලින් ලිපියෙ සඳහන් කලා.
දැනට මේ ආකාරයට වගා කරන බෝග වර්ග වලට ලෝක වෙලඳපලේ ඉතාම ඉහල ඉල්ලුමක් තියෙනවා. ලංකාවෙත් දැනට හෙක්ටයාර 22000 ක මේ ආකාරයට  වගා කිරීම සිදු කරනවා.දැනට කෙරන හැම නිශ්පාදනයක්ම අපනයනය මුල් කරගෙන තමයි සැකසිලා තියන්නෙ.
කාබනික නිශ්පාදනයක් අපි ලේබල් කරන්න නම් අපි ඒක සුපිරිසිඳු  කාබනිකද කියලා දැනගන්න ඕනෙ. අපි ඒවා අපනයනය කරනවානම් සහතිකයක් ඕනෙ කරනවා. උදාහරනයක් විදියට අපි යුරෝපයට අපනයනය කරනවානම් අපිට යුරොපා සහතික කරනය ඕනෙ(European certification). ඇමරිකවට අපනයනය කරනවානම්  USDA organic කියන සහතිකය අවශ්‍යයි. 


                             ඉතින් ඔබත් පුලුවන් නම් කාබනික නිශ්පාදන දිරි ගන්වන්න. ඒක එක අතකින් ලොකු පිනක්. අපි කෙනෙකුට වස විස නැති කෑම දෙනවා කියන්නෙ ඇත්තටම ලොකු පිනක්. ඒත් එක්කම පුලුවන් තරම් රසායනික ද්‍රව්‍ය යොදපු කෑම අත්හරින්න. දවසක් හරි නිරෝගීව ජීවත් වෙන්න පුලුවන් වේවි.
 

Monday, March 15, 2010

අපි කන්නෙ වස කියලා හරියටම දන්නෙ කීදෙනාද?

ගොඩාක් වෙලාවට පරිගණක මෙවලම් එක්ක ඉන්න ගොඩාක් අය තමන්ගේ කෑමබීම කොහොමද හැදෙන්නෙ කියල දන්නෙ නහැ.
 මම මේ කියන්න යන්නෙ රසායනික වල්නාශක, පලිබෝධනාශක,වගේම රසායනික පොහොර පාවිච්චි කරන්නෙ නැතිව ස්වභාවික දේවල් විතරක් පාවිච්චි කරලා හදන බෝග ගැන සහ, අපි කෑමට ගන්න එලවලු පලතුරු වර්ග කොයි තරම් අපේ ඇඟට අහිතකරද කියන එක ගැනයි.

       අපි දිනපතා ගන්න ආහාර(එලවලු වර්ග) ගොඩාක් වෙලාවට පොලෙන්, එහෙම නැත්නම් සුපර් මාකට් එකෙන් තමයි ගන්නෙ. ඒත් ඒවා වගා කරනකොට වගේම කල්තබාගැනේමේදීත් නොයෙක් රසායන ද්‍රව්‍ය එකතුකරන බව බොහෝ දෙනා නොදන්නා කාරණයක්
මේකෙ තියෙන බරපතලම කාරනය තමයි මේ එකතු කරන රසායන ද්‍රව්‍ය ඉතාම ඉක්මනින් අපිව ලෙඩ කරන්න සමත්.
ඒවගේම එලවලු වර්ග වගාකරන කොට යොදන කෘමිනාශක වල තියන බැර ලෝහ වගේම ඉතාම දරුණු පිලිකාකාරක සංයෝගත් අපි ගන්න එලවලු වල අඩංගු වෙනවා.
සමහරු හිතනවා ඇති මේ දේවල් නිකංම හිතිලා බ්ලොග් එකක දානව කියලා.
නැහැ. අද සෞඛ්‍ය අමාත්‍යංශයේ  වාර්තාවල බලන්න මොකද වෙලාතියන්නෙ කියලා. අලුතින් උපදින දරුවො නම නොදන්න ලෙඩ ගොඩක් උරුම කරගෙනයි උපදින්නෙ. මේව වගා දිස්ත්‍රික්ක වල අතිශය ඉහල අගයක් ගන්නවා.
1960 ගනන්  වලට වඩා අද බෝග නිශ්පාදීතාව වැඩියි තමයි හරිත විප්ලවයට පින් සිද්ධ වෙන්න. නමුත් ඒකෙ අතුරු ප්‍රථිපල අදත් අපි භුක්ති විඳිනවා. අද අපිට හැම දේටම  ආනයනික පොහොර දාලම වවන්න වෙලා තියෙනවා. ඒත්  ඇත්තටම අපි කන්න ගන්නෙ  රසායනික ද්‍රව්‍ය ඉහවහාගිය කෑමක්.කල් තියගන්න කියලා වස
ගහපු කෑමක්.

තව ගොඩාක් දේවල් කියන්න තියෙන්වා. ඒටික  වෙන දවසක ලියලා තියනම්.

Friday, February 26, 2010

මේකයි මගේ රට.


 මේ පින්තූරය දකින විට ඔබට හැඟෙන දෙයට කරුණාකර රටට බනින්න එපා. මේ තරමට දේවල් දකින්නට මග පාදපු ඒ සමාජ ක්‍රමයට පුලුවන් නම් බනින්න.එහෙම නැති නම් මෙහෙම වෙන්න හේතු වෙන පාලනයට බනින්න.

ඒකට  ඔබත් හේතුවක් නම්  ඔබ ඔබටම බැන ගන්න.

හිතන්න නිදහස ලියන්න කියන්න නිදහස
බනින්න නිදහස ඇති රට මේ උත්තම රට
බයිලා කියා පුදදෙමු අපි ස්වෛරි සිරිලක
නිවන් දකිත්වා අපගේ ජන නායක කැල

- සුනිල් ආරියරත්න



මොනවා කරමුද අපි
හඩමුද සිනාසෙමුද?

කා හට කියමුද අපි
ගැටෙමුද පලා යමුද?

- සුනිල් ආරියරත්න

හෙටින් උදා වන ලෝකය සැමටම සුවදායක වේවා...




උපතේ සිටම මිනිසා නොයෙක් වූ අවස්ථාවන්ට මුහුන පාමින් ජීවිතය පුරා නොයෙක් අද්දැකීම් එකතු කර ගනියි. එහෙත් නොයෙක් හොඳ මිනිසුන් මෙන්ම නොයෙක් ආකාරයේ තිරිසන් ගති ඇති අයද අප අතරම සුලබව දකින්නට ලබේ. මම අද විශ්වාස කරන පරිදි, මේ ලෝකයේ ජීවත්  වීමට නම් හොඳින්ම සිටීම ඉතාම අනතුරු දායකය. බලු වැඩ කරන අයට කවදා වත් වරදින්නේ නම් නැත.
අනිත් අයට ආත්මාර්තකාමී වූ තරමටම හොඳින් සිටීමට ඉඩ ලැබේ.
නමුත් මනුස්සකමට එහා ගිය දේවල් කිරීමට ඔබටත් මටත්  අපහසු බව මම දනිමි. නමුත් මනුස්සකමටත් නිගා කරන සමාජයක යහතින් සිටීමටද අතිශය අපහසුය.
මනුශ්‍යත්වයේ නාමයෙන් මෙය  කියවන ඔබද අතැම්විට කරුණාබර  ලොවකට සිහින දකිනවා විය හැක. මම ඔබෙන් පුංචි ඉල්ලීමක්  කරමි. ලෝකය කොතරම් නපුරු උවත් අපි අපට පුලුවන් ලෙස ලෝකය අනාගතයට සුව දායක කරමු.
 ලෝකයට බරක් නොවූ අයෙකු ලෙස ජීවත් වෙමු.


                       

Wednesday, February 24, 2010

ඊ මේල් එකකින් ආපු පින්තූර ටිකක්. හිරිකිත හිතේවිද දන්නෙ නෑ